26 C
Colombo
Thursday, May 9, 2024

ගම්මන්පිළ ත්‍රිකුණාමලේ තෙල් ටැංකි සම්පූර්ණයෙන් ඉන්දියාවට දෙන්නයි යන්නේ

- Advertisement -

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සම්පූර්ණයෙන්ම ඉන්දියාවට පවරා දීම සඳහා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කටයුතු කරමින් සිටින බව ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති නායකයකු වන ආනන්ද පාලිත මහතා චෝදනා කර සිටිනවා.

ඒ, ඊයේ (27) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

ගම්මන්පිළ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ එක් අරමුණක් වූයේ ද මෙම තෙල් ටැංකි ඉන්දියාවට පාවාදීම වැළැක්වීම බවත් එම විශ්වාසභංගය පරාජයට පත්කළ ආණ්ඩුවේ සියලු දෙනා මේ මහා පාවාදීමට වගකිවයුතු බවත් ඔහු පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආනන්ද පාලිත මහතා,

“ඔබට මතක ඇති ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ගැන ගම්මන්පිල අමාත්‍යවරයා කරපු ප්‍රකාශ. ඉන්දු – ලංකා ගිවිසුමෙන් සදාකාලිකවම ටැංකි 99 දුන්නා කිව්වා. පුළුවන් නම් පෙන්වන්න කිව්වා අවුරුදු 35කට තියෙන බදු ගිවිසුමක්. එහෙම එකක් නැහැයි කිව්වා. මම යන්නෙ ටැංකි ටික ආපසු ගන්න කිව්වා. මාර්තු 16 අග්‍රාමාත්‍යවරයා ඉදිරියේදී කොලොන්නාවෙදි කිව්වා මම සුබදායක පණිවිඩයක් කියනවා, ඉන්දීය මහකොමසාරිස් එකඟ වුණා නොබෝ දිනකින්ම ටැංකි ටික අපට ලැබෙනවා කියලා.

දැන් එතුමා ආණ්ඩුව ගැසට් රිවස් කළා වගේ තමන් කියපු සියලුම දේ රිවස් කරලා අද ඔහු කියපු සියලු දේ බොරුයි කියලා පිළිගන්නවා, මොකක්ද ඒ ? මේ තියෙන්නෙ ඇමතිගේ ලියුම. ගෙඩිය පිටින් අපට ගන්නවායි කියපු ඇමති ! 2018 ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දෙකක් දැම්මා ත්‍රිකුණාමලයේ තෙල් ගිවිසුමක් නැහැ, ඒක අක්‍රියයි කියලා. අධිකරණයේ නඩු දෙකක් තියෙනකොට යහපාලන රජය මේකම කරන්න යනකොට අපි පැහැදිලිවම කිව්වා නඩු තියෙද්දී මේ ක්‍රියාමාර්ග ගන්න එපා කියලා. ඒ වගේම ගත්තෙ නෑ. අද නීතීඥ උදය ගම්මන්පිල ඇමතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දෙකක් තියෙද්දී ලියනවා තෙල් සංස්ථා සභාපතිට ( IOC නෙවෙයි ) 2021.12.20 ට්‍රින්කො පෙට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඩ් කියලා එකක් පිහිටුවන්න. දැන් තියෙන්නෙ එකක් සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල් ලිමිටඩ් කියලා, අන්න ඒකෙ දෙක.

මේ යන්නෙ මොකටද ? ගෙඩිය පිටින් දෙන්න. දැන් ඇමති කිව්වා ඉන්දියාවට සදාකාලිකව ටැංකි දීලා කියලා. එහෙම දීලා නම් මේ ලියුම ලියන්න ඕනේ ඉන්දීය බලශක්ති ඇමති LIOC සභාපතිට. නමුත් මේ ලියන්න ලංකාවෙ බලශක්ති ඇමති. ඉන්දියාවට සදාකාලිකව දෙයක් දුන්නා නම් ඒකට මෙහෙම ලියන්න මෙයාට බලයක් තියෙනවාද ? මේ පට්ටපල් බොරු කියලා ජාතියේ මර්මස්ථානය LIOC එකට දෙන්න මේ ලියන්නෙ”

RECENT ARTICLES - SINHALA

පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 3ක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ගත් බව පැවසෙන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනෙක්...

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...