27.7 C
Colombo
Thursday, April 25, 2024

ජනපතිගේ නිවසෙත් ගෑස් කාන්දුවක්?

- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවසේත් ගෑස් කාන්දුවක් සිදුව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.

ඉකුත් නොවැම්බර් 26 වැනි දින මෙම සිදුවීම සිදුව ඇති බවත්, ජනපති නිවසේ තත්වය මෙලෙස නම් සාමාන්‍ය ජනතාවගේ තත්වය කෙබඳු දැයි සිතිය යුතු බවත් මෙවර ඉරිදා (05) ‘අනිද්දා පුවත්පත’ උපුටා ගනිමින් පාර්ලිමේන්තුව අමතමින් ඔහු පෙන්වා දෙනවා.

එමෙන්ම ගෑස් ගැටළුව සම්බන්ධයෙන් අද දින සභාගත කරන බවට පොරොන්දු වූ වාර්තාව ලබා නොදී අමඅමාත්‍යවරුන් පිටව ගිය බවත් මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග කඩිනමින් ජනතාවට දැනුම් දියයුතුව ඇති බවත් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටිනවා.

මේ සම්බන්ධව ‘අනිද්දා’ පුවත්පතේ උපුටා ගැනීම පහතින්,

‘ජනපතිවරයාගේ මිරිහාන නිවසේ භාවිතයට ගැනුණු ගෑස් සිලින්ඩරය කාන්දුවන බව හෝ වෙනත් දෝෂයක් නොවැම්බර් 26 සිකුරාදා හඳුනාගෙන ඇති අතර එම ගෑස් සිලින්ඩරය ලිට්රෝ ගෑස් සමාගමේ ප්‍රධාන කාර්යාලයට එදින යවා තිබේ. මේ සමගම ලිට්රෝ ලංකා ගෑස් සමාගමේ ප්‍රධානීන් කලබලයට පත්වී ඇති අතර ජනපතිවරයාගේ නිවස අයත් ප්‍රදේශයේ ලිට්රෝ නියෝජිතයා මගින් නව ගෑස් සිලින්ඩරයක් ජනපතිවරයාගේ නිවසට යවා තිබේ.

තමන්ගේ කුස්සියටත් දැනුණ නිසා හෝ පාරිභෝගික ප්‍රශ්නයක් පිළිබඳව ජනපතිවරයා ඇතුළු අනෙකුත් බලධාරීන් මේ ආකාරයට උනන්දුවීම අනෙකුත් පාරිභෝගික හෝ ජනතා ප්‍රශ්න සම්බන්ධයෙන් සිදුවනවාද යන්න මෙහිදී පැනනගින බරපතලම ප්‍රශ්නයකි.‘ 

RECENT ARTICLES - SINHALA

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...