25 C
Colombo
Sunday, May 19, 2024

ඉන්දියාවේදී මුලු දුන් ගෝලීය බොදු සමුලුව

- Advertisement -

පළමුවරට සංවිධාන කෙරුණු ගෝලීය බෞද්ධ සමුලුව දෙදිනක් පුරා නවදිල්ලියේ දී පැවැත්වුණා.
කාම්බෝජය, ලාඕසය, තායිලන්තය, ජපානය, දකුණු කොරියාව සහ මෙක්සිකෝව වැනි රටවලින් විදේශීය නියෝජිතයන් 170ක් පමණ සහභාගී වූ අතර, වියට්නාමය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සමුළුව සඳහා විශාල නියෝජිත පිරිසක් සහභාගී වුණා.

ගෝලීය බෞද්ධ සමුළුවේ තේමාව වූයේ “සමකාලීන අභියෝගවලට ප්‍රතිචාර: දර්ශනය ප්‍රායෝගිකව” යන්නයි.
ඉන්දීය සංස්කෘතික අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය (IBC) එක්ව සත්කාරකත්වය දරන මෙම දෙදින සමුළුව සැලකෙන්නේ, විශේෂයෙන්ම ප්‍රතිවාදී චීනය අභිබවා, බුදුදහමේ ප්‍රමුඛයෙක් ලෙස රටේ අක්තපත්‍ර ශක්තිමත් කිරීමට ඉන්දීය රජය දරන උත්සාහයේ කොටසක් ලෙස යි.

යුද්ධය, ආර්ථික අර්බුදය, ත්‍රස්තවාදය සහ දේශගුණික විපර්යාස හේතුවෙන් සමස්ත ලෝකයම සියවසේ වඩාත්ම අභියෝගාත්මක කාලයකට මුහුණ දී සිටින බවත්, මෙම සියලු සමකාලීන ගෝලීය අභියෝගවලට බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් තුළින් විසඳුම් ලබා ගත හැකි බවත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමුලුවේ සමාරම්භක උළෙල අමතමින් පැවසුවා.
අද ඉන්දියාව ලෝකයේ ප්‍රශ්න කිහිපයක් සම්බන්ධයෙන් නව මුල පිරීම් සිදු කර ඇති බවත්. එම මුලපිරීම් පිටුපස බුද්ධ දර්ශනයේ ආභාසය ඇති බවත් මෝදි අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.

ලොව පුරා බෞද්ධ අධ්‍යාත්මික නායකයින්, රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ බලගතු සංවිධානවල නියෝජිතයින් සහභාගී වූ රැස්වීමේ සමාරම්භක සැසිය අමතමින් අගමැති මෝදි කියා සිටියේ ලෝකය දැනට පොරබදමින් සිටින යුද්ධයට සහ නොසන්සුන්තාවයට බුදුන් වහන්සේ සියවස් ගණනාවකට පෙර විසඳුමක් ලබා දුන් බවයි.
අද ඉන්දියාව ලෝකයේ ප්‍රශ්න කිහිපයක් සම්බන්ධයෙන් නව මුල පිරීම් සිදු කර ඇති බවත්. එම මුලපිරීම් පිටුපස ඇති අපගේ ලොකුම ආභාසය බුදු රජාණන් වහන්සේයි. “ මිත්‍රවරුනි, බුදුන් වහන්සේගේ මාර්ගය ‘පරියත්ති’, ‘පටිපත්ති’, ‘පටිවේධ’ බව ඔබ සැවොම දන්නා කරුණකි. එනම් න්‍යාය, ප්‍රායෝගිකත්වය සහ අවබෝධය. ඉන්දියාව පසුගිය වසර නවය තුළ මේ කරුණු තුනෙන්ම වේගයෙන් ඉදිරියට යනවා. ” අග්‍රමාත්‍යවරයා සඳහන් කළා.

වඩා හොඳ සහ ස්ථාවර ලෝකයක් සාක්ෂාත් කරගත හැක්කේ සම්පත් හිඟයක් සමඟ කටයුතු කරන ජාතීන් ගැන අපි සලකා බැලුවහොත් පමණි. “සෑම පුද්ගලයෙකුගේම සහ ජාතියකම ප්‍රමුඛතාවය රටේ අවශ්‍යතාවය සමඟ ලෝකයේ අවශ්‍යතා ද විය යුතු කාලයක් එළැඹ තිබේ,” අගමැතිවරයා පැවසුවා.
දේශගුණික විපර්යාස පිළිබඳ ප්‍රශ්නය ඉස්මතු කරමින්, ජීවන රටාව, ආහාර ගැනීම හෝ ගමන් පුරුදු සමඟ එක් එක් පුද්ගලයා මොනයම් හෝ ආකාරයකින් පෘථිවියට බලපෑම් කරන බව ඔහු පෙන්වා දුන්නා.

“බුද්ධ මාර්ගය අනාගත මාර්ගය සහ තිරසාර මාවතයි. ලෝකය බුදුන්ගේ ඉගැන්වීම් අනුගමනය කළේ නම්, දේශගුණික විපර්යාස පිළිබඳ ගැටලුවට ලෝකය මුහුණ නොදෙනු ඇත, ”මෝදි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.
ලොව රටවල් අන් අය සහ ඉදිරි පරම්පරාවන් ගැන සිතීම නැවැත්වීමත් සමඟ මෙම ගැටලුව උද්ගත වූ අතර මෙම වැරැද්ද විනාශකාරී ලෙස ගොඩනැගුණු බව නරේන්ද්‍ර මෝදි පෙන්වා දුන්නේ ධම්මපදයේ ගාථාවක් ද සඡ්ඣායනා කරමින්.
දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීමට සෑම කෙනෙකුටම දායක විය හැකි බව ඔහු පැවසුවා. “මිනිසුන් දැනුවත් වී ඔවුන්ගේ ජීවන රටාව වෙනස් කරන්නේ නම්, දේශගුණික විපර්යාස පිළිබඳ මෙම විශාල ගැටලුව විසඳා ගත හැකිය,” අග්‍රාමාත්‍ය මෝදි සඳහන් කළා.

“වත්මන් කාලය මේ සියවසේ අභියෝගාත්මකම කාලය බව විශ්වීය පිළිගැනීමයි. අද එක් පැත්තකින් රටවල් දෙකක් මාස ගණනක් යුද්ධයක පැටලී සිටින අතර අනෙක් පැත්තෙන් ලෝකය ආර්ථික අස්ථාවරත්වයකින් ද ගමන් කරමින් සිටී. ත්‍රස්තවාදය සහ ආගමික උමතුව වැනි තර්ජන මනුෂ්‍යත්වයේ යහපත් ගතිගුණවලට පහර දෙයි. දේශගුණික විපර්යාස සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මට වඩා විශාල වෙමින් පවතී. . මිත‍්‍රවරුනි, මීට වසර සිය ගණනකට පෙර බුද්ධ දේශනාවෙන් අපට සොයා ගැනීමට නොහැකි වූ ගැටලුවක් නූතන ලෝකයේ නැත. අද ලෝකය දුක් විඳින යුද්ධයට සහ නොසන්සුන්තාවයට බුදුන් වහන්සේ මීට සියවස් ගණනාවකට පෙර විසඳුම් ලබා දී ඇත.

බුදුන් වදාළේ: ජයං වේරං පසවති – දුක්ඛං සේති පරාජිතෝ – උපසංතෝ සුඛං සේති – හිත්වා ජය පරාජයං….. ජයග‍්‍රහණය වෛරය උපදවයි. එය දුකින් තැවෙන පරාජිතයෙකු ඉතිරි කරයි. ජය පරාජය යන තත්වයන් දෙකම අත්හරින්නා සුවසේ සිටියි. ඒ නිසා අපට සතුටු විය හැක්කේ පරාජයන්, ජයග‍්‍රහණ, රණ්ඩු සරුවල් ඉවත දැමීමෙන් පමණයි.
බුදු රජාණන් වහන්සේ ද යුද්ධයෙන් ජය ගන්නා මාර්ගය වදාරා ඇත. බුදුරජාණන් වහන්සේ වදාලේ: නහී වේරේන වේරානී – සම්මන්තීධ කුදාචනං – අවේරේනච සම්පත්තී – ඒස ධම්මෝ සනන්තනෝ….. එනම් සතුරුකම සතුරුකමෙන් සංසිඳුවන්නේ නැත. සතුරුකම සංසිඳෙන්නේ හිතවත්කමෙනි.” සම්බුද්ධ දේශනාවන් උපුටා දක්වමින් නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා කළ කතාව සමුලුවට එක් වූ බොහෝ දෙනාගේ ප්‍රශංසාවට හා බුහුමනට ලක් වුණා.

ඉන්දියාව විසින් ආරම්භ කරන ලද Mission Life, සඳහා බුදුන්වහන්සේගේ ආනුභාවය බලපෑවේ යැයි ඔහු පැවසුවා.
ඉන්දියාව විවිධ ක්ෂේත්‍රවල මෑත කාලීන ගෝලීය සන්ධිස්ථාන කරා ළඟා වීම පිටුපස ඇති ආභාෂය බුදුන් වහන්සේ බවයි ඔහු පැවසුවේ.
පසුගිය වසර නවය පුරාවට ඉන්දියාව බුද්ධ ධර්මය ප්‍රචාරය කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කළ බව මෝදි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා.

බුද්ධ ධර්මය සහ සාමය, බුද්ධ ධර්මය: පාරිසරික අර්බුදය, සෞඛ්‍යය සහ තිරසාරභාවය, නාලන්දා බෞද්ධ සම්ප්‍රදාය සුරැකීම, ජීවමාන උරුමය සහ ධාතුන් වහන්සේ : සියවස් ගණනාවක් පැරණි දකුණු, අග්නිදිග සහ නැඟෙනහිර ආසියාවේ රටවල් සමග ඉන්දියාවේ සබඳතාවන්හි ශක්තිමත් සංස්කෘතික පදනම යන තේමා හතරක් යටතේ මෙම සමුලුව පැවැත්වුණා.
විශ්වයේ ආන්තික දෘෂ්ටිකෝණ දෙකක් අතර ගැටුමක් පවතින අතර, බුදුන් වහන්සේගේ මැද මාවත සහ සමතුලිතතාවය එහි විසඳුමේ යතුර බව සමුලුව සංවිධාන කරන ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් Abhijeet Haldar පෙන්වා දෙනවා.

බුදුදහම පදනම ලෙස තබා ගනිමින් ගෝලීය වශයෙන් මානව වර්ගයා මුහුණ දෙන බහුවිධ ගැටලුවලට පිළිතුරු ගවේෂණය කිරීම මෙම සමුළුවේ අරමුණ වී තිබුණා.
මිනිසා විසින් නිර්මාණය කරන ලද මෙම ගැටළු විසඳිය හැක්කේ මිනිසාට පමණි. මේ සම්බන්ධයෙන් ලොව පුරා සිටින හොඳම බෞද්ධ චින්තකයන් එකම වේදිකාවකට ගෙනැවිත් විසඳුමක් සෙවීමේ උත්සාහයක් ලෙස මෙම සමුලුව හැඳින්විය හැකියි.
ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ අදහස මුලින්ම ඇති වූයේ ගෝලීය බෞද්ධ සම්මේලනයේ නායක පූජ්‍ය Lama Lobzang මාහිමිපාණන් වහන්සේ 2010 වර්ෂයේ ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරයේදීයි.

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

තත්පර 12න් ඩොලර් මිලියන 25ක් සොරකම් කරලා

තත්පර 12කින් ඩොලර් මිලියන 25ක් (පවුම් මිලියන20ක්) සොරකම් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ ඉගෙනුම ලැබූ සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා...