රත්‍රං මිල අද (12) දිනයේ පහළ ගොස් තිබෙනවා.
සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමයේ භාණ්ඩාගාරිය ආර්. සුබ්‍රමනියම් සදහන් කළේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 2000කින් සහ කැරට් 24 රන් පවුමක මිල රුපියල් 4000 කින් අද දිනයේ අඩු වී ඇති බවයි.
ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රුපියල් එක්ලක්ෂ 57,125 ක් ලෙස සටහන් වූ අතර කැරට් 24 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් එක්ලක්ෂ 72,500 ක් ලෙසයි.