25 C
Colombo
Monday, May 20, 2024

රට යන්න ඉන්න අයට සුබ ආරංචියක් – ජපන් රැකියා අවස්ථා තවත් වැඩිවෙයි

- Advertisement -

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ජපානයේ රැකියා අවස්ථාව ලබා ගැනීම, මානව සම්පත් සංවර්ධනය, ජපන් ආයෝජන ලංකාවට ගෙන්වා ගැනීම සහ සංචාරක ප්‍රවර්ධනය සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා රජය සහ ජපානයේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපරික සමුහයක් වන පැසෝනා සමුහය සමඟ එළඹ තිබෙනවා.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරගේ ජපන් නිල සංචාරය අතරවාරයේ Awaji Island හි “Wave Riding Festival” රඟහලේදීයි මෙම අවභෝධතා ගිවිසුමට අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ගිවිසුම නැගී එන ආර්ථිකය වෙනුවෙන් එළඹ තිබෙනවා.

අදාළ නව ගිවිසුමට අනුව රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගැනීමට අපේක්ෂිතයි.

එහිදී ජපන් ආයතනවලට අවශ්‍ය ස්ථානීය බඳවා ගැනීම් සඳහා පැසෝනා සමූහය සිය සහාය ලබාදෙනු ඇති බවයි වාර්තා වන්නේ.

තවද ජපානයේ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට මෙම සමාගම කැමැත්ත පළකර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සාපෙළ ලියද්දී අසාධාරණයට ලක්වූ සිසුන් පිරිසක් මානව හිමිකම් කොමිසම හමුවට

මිනුවන්ගොඩ අල් අමාන් මුස්ලිම් මහා විද්‍යාලයේදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අතරතුර අසාධාරණයකට ලක් වූ සිසුන් පිරිසක් අද (20) ප්‍රකාශ ලබාදීම සඳහා මානව හිමිකම්...

කළුතර වෙඩි තැබිමක්

කළුතර, කටුකුරුන්ද දුම්රිය පාර ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර තිබෙන බව පොලිසිය පවසනවා. ටී-56 ගිනිඅවියකින් නිවස තුළ...

හෙට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා රජය විසින් හෙට (21) ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ සඳහන් කළේ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ අභාවය වෙනුවෙන් එම තීරණය...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...