24 C
Colombo
Tuesday, January 21, 2025

ගුවන්තොටේ යකා නැටූ මැට්ටා මෙන්න (වීඩියෝ)

- Advertisement -

කටුනායක ගුවන්තොටුපළේ පසුගියදා ඇති වූ කලහකාරී සිදුවීමට මුල් වී ඇත්තේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා බව අනාවරණය වී තිබෙනවා.

කටුනායක ගුවන්තොටුපළට පසුගිය අඟහරුවාදා (14) අලුයම් කාලයේ පැමිණි ප්‍රසන්න රණවීර මහතා ගුවන් මගීන්ගේ ගමන් මලු එහා මෙහා ගෙන යන සේවකයකුගේ (පෝටර්) කනට ගසා ආරක්ෂක නිලධාරින් කිහිප දෙනකුට බැන තර්ජනය කර පිටව ගොස් තිබෙන බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළා.

ප්‍රසන්න රණවීර මහතාගේ බිරිඳ ඇතුළු කිහිප දෙනකු විදෙස් සංචාරයකට යෑම සඳහා කටුනායක ගුවන්තොටුපොළට පෙරේදා අලුයම් කාලයේ පැමිණ තිබෙනවා.

සිය ආරක්ෂකයන් ද පිරිවරාගෙන පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා ඔවුන් කටුනායක ගුවන් තොටුපොළට ඇරලවීම සඳහා ප්‍රවේශපත්‍ර මිලදී නොගෙන ප්‍රධාන දොරටුවෙන් ගුවන්තොටුපොළට ඇතුළු වීමට ගොස් තිබෙන බව ගුවන් තොටුපළේ උසස් නිලධාරීන් පැවසුවා.

එහිදී ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් අමාත්‍යවරයාට පවසා තිබෙන්නේ ආරක්ෂකයින් ගිනි අවිවලින් සන්නද්ධව සිටි නිසා ඒවා රැගෙන යාමට ඉඩ දිය නොහැකි බවයි.

එම අවස්ථාවේ ඔහු ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්ටද බැණ වැදී ඔහුගේ ගමන වැළැක්වූ බව පැවසෙන ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනාගේ ඡායාරූප ද සිය ජංගම දුරකථනයෙන් ලබාගෙන තිබෙන බව එම උසස් නිලධාරීන් පවසනවා.

එමෙන්ම අමාත්‍යවරයා සමඟ පැමිණි අයගේ ගමන් මලු ගුවන් තොටුපොළට රැගෙන යෑම වෙනුවෙන් පෝටර්වරයාවරයාට අඩුවෙන් මුදල් ලබාදීම නිසා නියමිත ගාස්තුව පෝටර්වරයා ඔහුගෙන් ඉල්ලා තිබෙන අතර එයින් කුපිත වූ දේශපාලකයා එම පෝටර්වරයාගේ කකුල සපත්තුවෙන් පාගා ඔහුගේ කණට වැරෙන් පහරක් ගසා ආරක්ෂකයන් සමග පිටව ගොස් තිබෙන බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා.

පහර කෑමට ලක්වූ බව පැවසෙන පෝටර්වරයා රාජ්‍ය අමාත්‍යවරයෙකු වන  ප්‍රසන්න රණවීර මහතාට ඇති බිය නිසා සහ අනවශ්‍ය කරදර ඇති වේ යැයි සිතා මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමට ගොස් නොමැති බවද පැවසෙනවා.

ප්‍රසන්න රණවීර මහතා මීට පෙර අවස්ථා රැසකදී කළහකාරීව මෙන්ම නොමනා හැසිරීම නිසා කුප්‍රකට අමාත්‍යවරයෙකු ලෙසට ප්‍රකටව සිටිනවා.

‘මිරිස් කුඩු ඇමති’ ලෙසට ඔහුව හැදින්වීමට යෙදුනේ යහපාලන රජය පැවති සමයේදී පාර්ලිමේන්තුවේ ඇතිවූ කළහකාරී තත්ත්වයකදී මන්ත්‍රීවරුන්ට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කිරීමට ප්‍රසන්න රණවීර අමාත්‍යවරයා කටයුතු කිරීම හේතුවෙනි.

ගෝඨාභය රාජපක්ෂ රජය විසින් ප්‍රසන්න රණවීර මහතාව වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබූවා.

ඉන් අනතුරුවත් සිදුකරන ලද කළහකාරී ක්‍රියාවන් හේතුවෙන්ම ඔහුව මහජනතාව හැදින්වූයේ මැටි ඇමති ලෙසයි.

පසුගිය අරගල සමයේ ගාලු මුවදොර අරගලකරුවන්ට පහරදීමෙන් අනතුරුව රටපුරා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට එරෙහිව ක්‍රියාත්මක වූ ප්‍රචණ්ඩක්‍රියා අතරතුර ප්‍රසන්න රණවීර රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසද ගිනිබත් කර දමා තිබුණා.


RECENT ARTICLES - SINHALA

ජනපති අනුර සහභාගිවන සිරස ‘සටන’ සජීවීව නරඹන්න

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි වන 'පරණ පුරුදු සටන' වැඩසටහන අද (21) පස්වරු 10.30 සිට සිරස TV නාළිකාව ඔස්සේ සජීවීව විකාශය වනවා. එම වැඩසටහන...

රියදුරන්ට පොලීසියෙන් දැනුම්දීමක්

මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය මහනුවර පොලිස් වසමේ තැන්නේකුඹුර හන්දියෙන් හා හසලක පොලිස් වසමේ පාලම් හන්දියෙන් රාත්‍රී කාලයේදී වසා දැමීම නිසා රියදුරන්ට භාවිත කළ හැකි...

අලුත් පත්කිරීම් 3කට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු 3ක් සඳහා නව පත්කිරීම් සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැති හිමිව තිබෙනවා. ඒ අනුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා ශ්‍රී...

POPULAR ARTICLES

තුර්කියේ හෝටලයක ඇති වූ ගින්නකින් මියගිය සංඛ්‍යාව ඉහළට

තුර්කියේ හෝටලයක ඇති වූ ගින්නක් හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම මාධ්‍ය වාර්තා කර ඇත්තේ තවත්...

ජනපති අනුර සහභාගිවන සිරස ‘සටන’ සජීවීව නරඹන්න

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි වන 'පරණ පුරුදු සටන' වැඩසටහන අද (21) පස්වරු 10.30 සිට සිරස TV නාළිකාව ඔස්සේ සජීවීව විකාශය වනවා. එම වැඩසටහන...

රියදුරන්ට පොලීසියෙන් දැනුම්දීමක්

මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය මහනුවර පොලිස් වසමේ තැන්නේකුඹුර හන්දියෙන් හා හසලක පොලිස් වසමේ පාලම් හන්දියෙන් රාත්‍රී කාලයේදී වසා දැමීම නිසා රියදුරන්ට භාවිත කළ හැකි...