26 C
Colombo
Saturday, May 11, 2024

මහබැංකු අධිපති ඉල්ලා අස්වේ

- Advertisement -

ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වන බවට ජනාධිපතිවරයාට ලිපියකින් දන්වා තිබෙනවා.

තමන් අද (14) සිට සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට වන ලිපිය මීට දින තුනකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කළ ගත් බවයි ඔහු පවසන්නේ.

ඒ අනුව, තමන් අද සිය නිල නිවාසයෙන්ද ඉවත්වීමට කටයුතු කරන බවත් ඔහු පවසනවා.

කෙසේ වෙතත්, තමන් මහබැංකු අධිපති ධුරයෙන් ඉවත් වන බව මහාචාර්ය W.D. ලක්ෂ්මන් මහතා පළමුවරට නිවේදනය කර සිටියේ පසුගිය 10වනදායි.

පසුගිය සති කිහිපයේ ඇතිවූ සිත්රිදවීම් තමාගේ විශ්‍රාම යෑම ඉක්මන් කළ බවත් තමා වෙහෙස වී කටයුතු කළත් තමන්ගේ පාලනයෙන් බැහැරව ඇති බලවේගයන් නිසා අපේක්ෂා කළ ප්‍රතිඵල ලබාගැනීමට නොහැකිවූ බවත් එම නිවේදනයේදී ඔහු ප්‍රකාශ කර සිටියා.

මේ අතර, මුදල් හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ පස්වරුවේ පත්කරනු ලැබුවා.

ඔහු හෙට දින සිය ධූරයේ වැඩ භාරගැනීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වූයේ.


RECENT ARTICLES - SINHALA

ඩෙංගු මර්දන සතියක්

ජාතික ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එය ලබන 26 වැනිදා සිට ජූනි 01 වැනිදා දක්වා ක්‍රියාත්මකයි. මෙම සතිය තුළ දිස්ත්‍රික්ක 17 ක සෞඛ්‍ය වෛද්‍ය...

නන්දලාල් ජුලී බලන්න ගිහින්

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මෙරට අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් සිදුව තිබෙනවා. ඊයේ (10) අමෙරිකානු තානාපති කාර්යාලයේ දී මෙම...

අහුංගල්ල වෙඩි තැබිම පළිගැනිමක්

අහුංගල්ල, මරදාන ප්‍රදේශයේ ඊයේ (10) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීම පළිගැනීමක් බවට අනාවරණය වී තිබෙනවා. සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පසුගිය 8 වනදා අහුංගල්ල ලෝකන්වත්ත...

POPULAR ARTICLES

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...

සා.පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පිටවීම ගැන විමර්ශන

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ(09) පැවති ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්න පත්‍රය whatsapp හරහා සංසරණය වීම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව...