31 C
Colombo
Saturday, May 18, 2024

දෙවෙනි ඉනිමෙදි ආණ්ඩුව ගොඩ ගන්න පුලුවන් – ඩිලාන්

- Advertisement -

ආණ්ඩුවක් ගෙනයෑම 20/20 හෝ එක්දින මැච් එකක් නොව ටෙස්ට් මැච් එකක් බවත් පළමු ඉනිමේදී දැක්වූ සියලු දුර්වලතා, අඩුපාඩු හඳුනාගෙන දෙවැනි ඉනිමේදී පන්දුවට පහර දෙන්නේ නම් තරගය ජයග්‍රාහීව අවසන් කළහැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීමට ඉඩ නොදී ස්ථාවර මට්ටමක තබා ගනිද්දී රුපියල පා කරන්නැයි ප්‍රකාශ කළ විරුද්ධ පක්ෂය, දැන රුපියල පාවීමට ඉඩ හැර තිබියදී බඩුමිල ඉහළ යන බව පවසමින් චෝදනා එල්ල කරන බවත් ඔහු පවසනවා.

සියලු ගැටලු මතුව තිබෙන්නේ ඩොලර් අර්බුදය හේතුවෙන් බව පෙන්වා දෙන ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා පවසන්නේ සියලු දෙනා එම තත්වය අවබෝධ කරගත යුතු බවයි.

මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හමුවට යාම ඉතා නිවැරදි බවත්, ප්‍රමාද වී හෝ එම තීරණය ගැනීමට ආණ්ඩුව කටයුතු කිරීම හොඳ දෙයක් බවත් මන්ත්‍රීවරයා පවසනවා.

ආණ්ඩුව තුළ තිබෙන වැරදි, අර්බුද හඳුනාගෙන රට ගොඩනගමින් ඉදිරියට යාමට ආණ්ඩුවට තවමත් අවස්ථාව තිබෙන බවත්, 1977 සහ 2015 සිදු වූ සිදුවීම් මතකයේ තබාගෙන තීන්දු තීරණ ගන්නේ නම් ආණ්ඩුවටත් රටටත් යහපත් වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

RECENT ARTICLES - SINHALA

ප්‍රසිද්ධියේ සමාව ගන්න.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම

දශක ගණනාවක් පුරාවට අතුරුදන් කිරීමට ලක්වූ දහස් ගණනකගේ ඉරණම පිළිබඳව සහ ඔවුන් සිටින ස්ථාන හෙළි කිරීමටත් එම අපරාධවලට වගකිව යුත්තන්ට දඬුවම් පැනවීමටත් ශ්‍රී ලංකා...

මුහුදුබඩ ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්

කල්පිටියේ සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද වැසි, තද සුළං සහ රළු මුහුදු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත්...

ඉදිරි මාස දෙකේදී විදුලි බිල අඩු කරන්න පුළුවන් – අගමැති

ඉදිරි මාස දෙක තුළ විදුලි බිල අඩු කිරීමට හැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී දිනේෂ් ගුණවර්ධන මහතා මේ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...