25 C
Colombo
Sunday, May 19, 2024

පෙර පාසල් ගුරුවරුන්ට රජයෙන් වැටුප්

- Advertisement -

පූර්ව ළමාවිය සංවර්ධනය ඉහළ නංවාලීම උදෙසා පෙර පාසල් ගුරුවරුන් වෙනුවෙන් විධිමත් පුහුණුවක් ලබාදීමට පියවර ගන්නා බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය ප්‍රකාශ කලා.

එසේම පෙර පාසල් ගුරුවරුන් වෙනුවෙන් වැටුපක් ලබාදීම කෙරෙහිද රජයේ අවධානය යොමු වී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ.

අමාත්‍යවරිය මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට මැයෙන් ඊයේ (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

පෙර පාසලක් ආරම්භ කිරීමේදී එය යම්කිසි නීති රාමුවකට යටත්ව සිදුකළ යුතු බවද පෙර පාසල් ගුරුවරිය උපාධිධාරිනියක් විය යුතු අතර ඔවුන්ටම ආවේණික විශේෂිත වූ පුහුණුවක් අවශ්‍ය බව අමාත්‍යවරිය එහිදී සඳහන් කර සිටියා.

රටේ සිටින දරුවන්ගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් රජය වැඩි අවධානයක් යොමු කර ඇති බවද ඇය මෙහිදී කියා සිටියා.

එමෙන්ම පෝෂණ ඌනතාවයෙන් පෙළෙන බවට හඳුනාගත් ළමුන් වෙනුවෙන් විශේෂ පෝෂණ වැඩසටහන් මේ වන විටත් රජය ආරම්භ කර ඇති අතර අඩු ආදායම්ලාභී පවුල්වලට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීම වෙනුවෙන්ද රජය මගින් මුදලක් ලබාදීමට කටයුතු කරන බවයි එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරිය පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...