මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිපල මේ වන විට නිකුත්ව තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ https://www.doenets.lk වෙබ් අඩවිය තුළින් මේ වන විට ප්‍රතිපල බලාගැනීමේ පහසුකම සලසා තිබෙනවා.
එමෙන්ම මෙවර ශිෂ්‍යත්ව විභාගයේ එක් එක් දිස්ත්‍රික්කයන්ට අදාල කඩයිම් ලකුණුද පෙනී සිටි මාධ්‍ය අනුව නිකුත් කර තිබෙනවා.

පසුගිය ඔක්තෝම්බර් 11 වෙනිදා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සදහා සිසුන් 326,264ක් පෙනී සිටියා.
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තව ඇති පරිසරයක් තුළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුණා.
කෙසේ වෙතත් මෙවරත් දිවයිනේ හෝ දිස්ත්‍රික්ක වශයෙන් ස්ථාන ලබාදීමක් සිදුනොකරන බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.