රුපියල් 5000 හොර නෝට්ටු 65ක් සමග සරසවි බාහිර උපාධි අපෙක්ෂකයකු අත්අඩංගුවට ගත් බව බියගම පොලිසි පවසනවා.
සැකකරු 2021 වසරේ ජයවර්ධනපුර සරසවියේ කළමනාකරණ පීඨයේ බාහිර අධ්‍යාපනය සඳහා ලියාපදිංචි වූවකු බව පොලිසිය සඳහන් කරනවා.
28 හැවරිදි වියේ පසුවන සැකකරු පොල්පිතිගම හත්පොකුණ ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බවයි වාර්තා වන්නේ.