31 C
Colombo
Saturday, May 18, 2024

පකිස්ථානයට සුපිරි ජයක්

- Advertisement -

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අට වැනි තරගය වන ශ්‍රී ලංකා සහ පාකිස්ථානය අතර තරගය හයිද්‍රාබාද් හි, රාජිව් ගාන්ධි අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී අද (10) පැවැත්වුණා.

එහිදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරනු ලැබුවා.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 50 දී කඩුලු 9 ක් දැවී ලකුණු 344 ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 122 ක් ද සධීර සමරවික්‍රම ලකුණු 108 ක් ද හා පැතුම් නිස්සංක ලකුණු 51 ක් ද ලබා ගත්තා.

මෙහිදි කුසල් මෙන්ඩිස් පන්දු 65 කදී වේගවත් ශතකයක් රැස්කරමින් වාර්තාවක් ද තැබුවා, මීට පෙර එම වාර්තාව තබා තිබුනේ කුමාර් සංගක්කාර විසින් 2015 වසරේදී නවසීලන්තයේ වෙලිංටන් හි දී එංගලන්තයට එරෙහිව පන්දු 70 ක දීයි.

එසේම සධීර සමරවික්‍රම තම ක්‍රිකට් දිවියේ එක්දින මංගල ශතකය වාර්තා කිරීමද අද තරගයේදී සිදු වුණා ඒ පන්දු 82 ක දීයි.

පන්දු යැවීමේදී Hasan Ali කඩුලු 04 ක් ද Shaheen Shah Afridi, Mohammad Nawaz, Shadab Khan කඩුලු 01 බැගින් ද , Haris Rauf කඩුලු 02 ක් ද ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි පාකිස්ථාන කණ්ඩායම පන්දු ඕවර 48 යි පන්දු 2 දී කඩුලු 4 දැවී ලකුණු 345 ක් ලබා ගත්තා.

Abdullah Shafique ලකුණු 113 ක් ද ,Mohammad Rizwan ලකුණු 131 ක් සහ Saud Shakeel ලකුණු 31 ක් පාකිස්ථානය වෙනුවෙන් ලබා ගත්තා.

පන්දු යැවීමේදී දිල්ශාන් මධුශංක කඩුලු 02 ක් ද මතීෂ පතිරණ කඩුලු 01 ක් ද, මහීෂ පතිරණ කඩුලු 01 ක් ද ලබා ගත්තා.

ඒ අනුව පාකිස්ථාන කණ්ඩායම කඩුලු 06 කින් අද තරගය ජයග්‍රහණය කළා.

මේ දක්වා පාකිස්ථානය හා ශ්‍රී ලංකාව එක්දින තරග 157 කදී දෙරට හමුවී ඇති අතර ඉන් තරග 93 ක් පාකිස්ථානය ජය ගෙන ඇති අතර ශ්‍රී ලංකාව තරග 59 ක් ජයග්‍රහණය කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ප්‍රසිද්ධියේ සමාව ගන්න.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම

දශක ගණනාවක් පුරාවට අතුරුදන් කිරීමට ලක්වූ දහස් ගණනකගේ ඉරණම පිළිබඳව සහ ඔවුන් සිටින ස්ථාන හෙළි කිරීමටත් එම අපරාධවලට වගකිව යුත්තන්ට දඬුවම් පැනවීමටත් ශ්‍රී ලංකා...

මුහුදුබඩ ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්

කල්පිටියේ සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද වැසි, තද සුළං සහ රළු මුහුදු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත්...

ඉදිරි මාස දෙකේදී විදුලි බිල අඩු කරන්න පුළුවන් – අගමැති

ඉදිරි මාස දෙක තුළ විදුලි බිල අඩු කිරීමට හැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී දිනේෂ් ගුණවර්ධන මහතා මේ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...