26 C
Colombo
Saturday, May 18, 2024

ආණ්ඩුවේ කඩිනම් ජනාධිපතිවරණය ගැන තීරණය අත්හරී?

- Advertisement -

කඩිනම් ජනාධිපතිවරණයක් පැවැත්වීමේ අදහස අත්හැරීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇති බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

මේ අනුව ආණ්ඩුවේ බලධාරීන් තීරණය කර ඇත්තේ ලබන වසරේ අගෝස්තු මාසයෙන් පසුව ජනාධිපතිවරණයක් කැඳවීමටයි.

කෙසේ නමුත් ඊට පෙර ජනාධිපතිවරණ මෙහෙයුම් ආරම්භ කර මුලික සංවිධාන කටයුතු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය තීරණය තිබෙනවා.

මේ වන විට වාර්තා වන දේශපාලන තොරතුරුවලට අනුව ඉදිරි ජනාධිපතිවරණයට විවිධ පක්ෂ සහ සංවිධාන යටතේ තරඟ කරන බවට ප්‍රචාරය වන නම් ගණනාවක් ඇති අතර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදු අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සැලසුම් කර ඇති බව සඳහන්.

ඊට අමතරව විපක්ෂයේ සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක ද අපේක්ෂක ලැයිස්තුවේ ඉහළින්ම සිටි ව්‍යාපාරිකයන් වන ධම්මික පෙරේරා, දිලිත් ජයවීර, ජනක රත්නායක යන පුද්ගලයන් සම්බන්ධව ද විවිධ දේශපාලන පාර්ශව සාකච්ඡා කෙරෙමින් පවතිනවා.

තවද පක්ෂ මාරු ගණනාවක් සිදුවීමට නියමිත අතර සුළු පක්ෂ ගණනාවක් සජිත් ප්‍රේමදාස මහතා සමඟ ද තවත් සුළු පක්ෂ ගණනාවක් රනිල් වික්‍රමසිංහ මහතාගේ සහායට ඉදිරිපත් වීමට නියමිතව තිබෙනවා.

ඉන් කුමාර වෙල්ගම, රවුෆ් හකීම් සහ ජීවන් තොණ්ඩමන් යන පක්ෂ නායකයන් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරනු ඇති අතර පලනි දිගම්බරන්, මනෝ ගනේෂන්, මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු පිරිසක් සජබ සමඟ එක්වී ජනාධිපතිවරණ ව්‍යාපාරය දියත් කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...