31 C
Colombo
Tuesday, May 21, 2024

ප්‍රසන්නගේ සිර දඬුවමට එරෙහි අභියාචනා පෙත්සම් විභාගය කල් යයි

- Advertisement -

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉදිරිපත් කර ඇති අභියාචනා පෙත්සමක විභාගය මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය අද (30) නියම කළා.

කොලොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකිරීමට අවශ්‍ය අනුමැතිය ලබාදීම ඇතුළු කටයුතු ඉටුකරදීම පිළිබඳ සිද්ධියකට අදාළව ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා තර්ජනය කළේ යැයි චෝදනා එල්ලවූ රණතුංග මහතා ඉන් අත්හිටවූ සිරදඬුවම් හා දඩ මුදල් නියමවී සිටිනවා.

මෙම අභියාචනා පෙත්සම විභාගකරන පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු පී. කුමාරන් රත්නම් මහතා අද දින නඩු විභාගයට සහභාගි නොවීම හේතුවෙන් මෙම පෙත්සම් විභාගය කල්තැබීමට නියම කෙරුණා.

අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා ප්‍රමුඛ පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලන් ඉදිරියේ මෙම පෙත්සම විභාගයට නියම කර තිබෙනවා.

බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරු බිමක් ගොඩකිරීමට අදාළ කටයුතු ඉටුකරදීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා තර්ජනය කිරිමේ සිද්ධියකට අදාළ චෝදනාවකට වරදකරු කෙරුණු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කොට එය වසර පහකට අත්හිටුවීමට තීන්දු කළා.

ඊට අමතරව රුපියල් මිලියන 25ක දඩයක්ද ප්‍රසන්න රණතුංග මහතාට අධිකරණය විසින් නියම කරනු ලැබුවා.

කොළඹ මහාධිකරණය විසින් තමාට එරෙහිව එම දඩුවම් නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් තමන්ව එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රතුපස්වල තීන්දුවට එරෙහිව අභියාචනයක් කරන්නැයි ඉල්ලා නීතිපතිට ලිපියක්

පිරිසිදු පානීය ජලය ඉල්ලමින් වැලිවේරියේ උද්ඝෝෂණය කළ නිරායුධ සාමකාමී උද්ඝෝෂකයන්ට වෙඩි තැබීම සම්බන්ධයෙන් වන රතුපස්වල නඩුවේ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කරන ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්ගේ...

වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

රටේ අවශ්‍යතාවය පරිදි ඉදිරියේදී වාහන ආනයනය කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, වාහන...

ගසක් කඩා වැටීමෙන් කොළඹ පාරක් අවහිර වෙයි

බොරැල්ල දේවි බාලිකා විද්‍යාලය අසල තිබූ විශාල ගසක් කඩා වැටීමෙන් මාර්ගය අවහිර වී තිබෙනවා. අද (21) උදෑසන මෙම ගස කඩා වැටී ඇති අතර, ඒත් සමග...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...