25 C
Colombo
Sunday, May 19, 2024

සෞඛ්‍ය බලධාරීන්ට පිටින් ගැසූ එන්නත් නිසා දෙහිඅත්තකණ්ඩියේ සිය ගාණක් රෝහල් ගත කරයි

- Advertisement -

දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සිදුකරන ලද එන්නත්කරණ වැඩසටහනක් හේතුවෙන් එහි සේවකයන් සියයකට වැඩි පිරිසක් මේ වන විට සංකූලතා නිසා රෝහල් ගත කර ඇතැයි දෙහිඅත්තකණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වාර්තා කරනවා.

පෙරේදා (27) දිනයේ අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ පැවති මෙම එන්නත්කරණ වැඩසටහන පිළිබදව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය දැනුවත් කර නොතිබූ අතර එය සම්පූර්ණයෙන්ම බාහිර පාර්ශවයන් විසින් සිදුකර ඇති බවයි දෙහිඅත්තකණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරන්නේ.

ඒ අනුව අදාළ එන්නත්කරණ වැඩසටහනේදී එන්නතේ සංකූලතා මතුවීම හේතුවෙන් ඇඟලුම් කම්හලේ සේවකයින් 100 කට ආසන්න සංඛ්‍යාවක් රෝහල් ගත කර ඇති අතර තවත් පිරිසකට සංකූලතා ලක්ෂණ ඇතිවී තිබෙනවා.

මෙවැනි ක්‍රියාමාර්ග තුළින් එන්නත්කරණ වැඩසටහන පිළිබඳව පවතින විශ්වසනීයත්වයට හානි සිදුවන බවත් වගකීමකින් තොරව සිදුකරන මෙවැනි එන්නත්කරණ වැඩසටහන් පිළිබදව ජනතාව වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පවසනවා.

හමුදාවෙන් යැයි කියාගන්නා ලද පිරිසක් විසින් අදාළ එන්නත්කරණ වැඩසටහන පවත්වා ඇති අතර මේ පිළිබදව දෙහිඅත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉහළ සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කිරීමටද කටයුතු කල බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

යකදුරාට බැණවැදුණු කාන්තාව ඝාතනය කරලා

යකදුරෙකු විසින් ආරක්ෂාව සඳහා පැළඳූ සුරයකින් කිසිඳු සෙතක් නොවීම නිසා ඔහුට බැන වැදුණු කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. ඒ අදාළ යකදුරාගේ ආධාර අනුබල යටතේ ඔහුගේ ගෝලයා...

දිස්ත්‍රික්ක 07කට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 07ක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා...

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...