25 C
Colombo
Sunday, May 19, 2024

මාත් ස්මාර්ට් රටක් ගොඩනගන්න කැපවෙනවා. පාසල්වල ඉංග්‍රීසියෙන් උගන්වන්න – සජිත්

- Advertisement -

රටේ අධ්‍යාපනය සිදුවිය යුත්තේ ඉංග්‍රීසි බසින් බවත් එය කීමට තමා බිය නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

උඳුගොඩ අර්ෆා විදුහලේදී ඊයේ (26) පැවති උත්සවයකදී පවසා සිටියා.

තමා සුහුරු රටක් ගොඩනැගීම වෙනුවෙන් කැපවන බවත් මේ වෙනුවෙන් රටේ අධ්‍යාපන ක්‍රමය නවීන තාක්ෂණය පදනම් කර ගත් සුහුරු අධ්‍යාපනයක් විය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරනවා.

විපක්ෂ නායකවරයා පවසා සිටියේ මේ වෙනුවෙන් පාසල් 10,126 ම සුහුරු පාසල් කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම සිදු කළ යුතු බවයි.

තොරතුරු තාක්ෂණය වැනි විෂයයන් සිංහල හෝ දෙමළ මාධ්‍යයෙන් ඉගෙන ගැනීම ප්‍රායෝගික නොවන බවත් මේ සඳහා ඉංග්‍රීසි යොදා ගැනීම ලොව ජය ගත හැකි පුරවැසියන් බිහි කිරීමට හේතු වන බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියා.

රට බංකොලොත් වී ඇති නිසා මේ මොහොතේ හෝ ඉංග්‍රීසි අධ්‍යාපනය ආරම්භ කර ගෝලීය පුරවැසියන් බිහි කිරීම ඇරඹිය යුතු යැයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළා.

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...