28 C
Colombo
Wednesday, May 8, 2024

මම යන්නේ නැහැ. මට අලුත් ආණ්ඩුවක් පිහිටුවන්න සහය දෙන්න – ගෝඨාභය

- Advertisement -

තමන් ජනාධිපති ධූරයේ තවදුරටත් කටයුතු කරමින් නව රජයක් පිහිටුවන බව ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඒ අනුව එළැඹෙන සතිය තුළ නව අග්‍රාමාත්‍යවරයෙක් යටතේ නව කැබිනට් මණ්ඩලයක් පිහිටුවන බව අද (11) ජාතිය අමතමින් ඔහු පවසා සිටියා.

ඉන් අනතුරුව 19 වන සංශෝධනයේ ඇතැම් කරුණු යළිත් බලාත්මක කරන බවත් පාර්ලිමේන්තුවට වැඩි බලතල ලබාදෙන බවත් ඔහු සදහන් කරනවා.

එමෙන්ම නව රජය පත්වීමෙන් පසුව රට ස්ථාවර වීමෙන් අනතුරුව ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහාද ඉඩ ලබාදෙන බවයි ගෝඨාභය රාජපක්ෂ සදහන් කරන්නේ.

මේ සඳහා තමන්ට සහය ලබාදෙන ලෙස ඔහු අවසාන වශයෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අනුව ගෝඨාභය රාජපක්ෂ තවදුරටත් ජනාධිපති ධූරයේ කටයුතු කරනු ඇති.


RECENT ARTICLES - SINHALA

ඒකල කර්මාන්තශාලාවක ගින්නක්

ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (07)පස්වරු 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. ගිනි නිවීමේ රථ 3ක් යොදවා මේ...

රූපවාහිනියට කඩා පැන්න සිදුවිමට මර්වින්ට ඇප

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

මහබැංකුවට කෝටි 100ක පාඩුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා. ඔවුන්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...