සෞඛ්‍ය සේවකයන්ගේ හිඟයක් ඇති වුවහොත් කොවිඩ් රෝගීන් වෙනුවෙන් ස්වෙච්ඡා සේයව සඳහා තමන් සූදානම් බව රංගන ශිල්පිනි ඕෂධි හේවාමද්දුම මහත්මිය පවසනවා.
ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ෆේස්බුක් පරිශීලකයන්ගෙන් විමසා තිබුණේ එම කාර්යය සදහා ඔවුන් සූදානම්ද යන්නයි.
කෙසේවෙතත් මේ වන විටත් සෞඛ්‍ය සේවකයින් රැසක් කොවිඩ් 19 වෛරසයට ගොදුරුව පැවතීමත්, රෝහල් ධාරිතාවය ඉක්මවා රෝගීන් නේවාසික ප්‍රතිකාර සඳහා යොමුවීමත් නිසා දැඩි ලෙස සෞඛ්‍ය සේවයකන්ගේ හිඟයක් පවතිනවා.
මේ හේතුවෙන් එම රෝහල්වල ස්වෙච්ඡා සේවය සඳහා ඕෂධී හේවාමද්දුම මහත්මියට උවමනාවටත් වඩා අවස්ථාව පවතින බව ඇයගේ ෆේස්බුක් සටහනට අදහස් දක්වමින් බොහෝ දෙනා සදහන් කර තිබුණා.

ඕෂධී හේවාමද්දුම මහත්මිය පසුගිය මහමැතිවරණයේදී වියත්මග නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් බදුල්ල දිස්ත්‍රික්කයට තරඟ වැදුණා.
එහෙත් ඇය එම දිස්ත්‍රික්කයෙන් පරාජයට පත්වූ අතර ඇයට ලබාගත හැකිවූයේ මනාප 10,957 ක් පමණයි.