32 C
Colombo
Sunday, May 5, 2024

ටික් ටොක් නිරූපණ තාරකාවගේ ඇදුම් ඉරා දමා ම්ලේච්ඡ ලෙස පහරදෙති

- Advertisement -

පකිස්තානයේ ටික්ටොක් තාරකාවක් ලෙස ජනප්‍රිය කාන්තාවකට අන්තවාදී මැර පිරිසක් විසින් ඇදුම් ඉරා දමා ම්ලේච්ඡ ලෙස පහරදී තිබේ.

එරට මාධ්‍ය වාර්තා ක⁣ළේ ඇය තවත් පිරිසක් සමග ලාහෝර් නගරයේ ඉක්බාල් උද්‍යානයේ රූගත කිරීමක් සිදුකරමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

එක්වරම එම ස්ථානයට කඩා වැදුණු 400 කට අධික මැර පිරිසක් ඇය වටකරගෙන පහරදී ඇදුම් ඉරා දමා ඇති අතර එම සිදුවීමට අදාළ වීඩියෝ මේ වන විට සමාජ මාධ්‍ය තුළ සැරිසරමින් පවතී.

සිද්ධියට මුහුණ දුන් අවස්ථාවේ තමන් සහ තම හිතවතුන් හඩා වැටෙමින් උදව් ඉල්ලා කෑගැසුවත් කිසිවෙකු තමන්ව ආරක්ෂා කිරීමට ඉදිරිපත් නොවූ බව ද ඇය මේ පිළිබදව පොලිසියට පැමිණිළි කරමින් පවසා ඇත.

පකිස්තාන කාන්තාවන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීම් සම්බන්ධ සිදුවීම් මෑතකාලීනව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් එරට ජාතික මානව හිමිකම් කොමිසම ද පසුගියදා විශේෂ අවධානයක් යොමු කර තිබිණ.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...