32 C
Colombo
Sunday, May 5, 2024

ගෙදරකට ඇවිල්ලා අවි ආයුධ දැක්කොත් අපි වෙඩි තියලා දානවා – ටිරාන් (වීඩියෝ)

- Advertisement -

අරගල සමයේ සිදු කළ ක්‍රියාවන් වර්තමාන සමාජයේ මතුව ඇති බොහෝ ගැටලුවට හේතු වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

පසුගියදා (16) රුහුණ විශ්වවිද්‍යාලයේ රබීන්ද්‍රනාත් තාගෝර් ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

අරගලය පැවතුණු කාල සීමාව තුළ අරගලකරුවන් සහ පෙළපාලි ආදිය සමඟ ගැටීම හැරෙන්නට මත්ද්‍රව්‍ය හෝ අපරාධ මර්ධනය කිරීම සඳහා පොලිසියට වේලාවක් නොතිබුණු බවද ටිරාන් අලස් මහතා මෙහිදී පවසා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා,

“අපි අවි ආයුධ හොයාගෙන ගෙදරට ආවොත් මොකක්ද වෙන්නේ, ඇතුල් වෙන පොලිස් නිලධාරීන් අවි ආයුධ දැක්කාම හිතන්නේ අපිට දැන් වෙඩි මේකෙන් කියලා. ඉතින් ඊට ඉස්සෙල්ලා අපි වෙඩි තියනවා. ඒක තමයි ඇත්ත කතාව. ඊට පස්සෙ පොලිසියෙන් ඇවිල්ල වෙඩි තියලා මැරුවා ඒ කතා මුකුත් වැඩක් නැහැ.”   

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...