26 C
Colombo
Saturday, May 18, 2024

IMF දෙවන වාරිකය කොට උඩ යන ලකුණු?

- Advertisement -

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම අනුව දෙවැනි ණය වාරිකය ලබා ගැනීමට පෙර සම්පුර්ණ කළ යුතු එකඟතා ප්‍රමාණය 62ක් වුවත් මේ දක්වා එකඟතා 25ක් සම්පුර්ණ කර ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පර්යේෂණ විශ්ලේෂකවරිය ලෙස සේවය කර ඇති රිසර්ච් ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්‌යේෂණ විශ්ලේෂකවරියක වන සුරේනි වීරතුංග මහත්මිය ශ්‍රී ලංකා රජය හා අයි.එම්.එෆ්. ආයතනය සමග ඇති කරගත් එකඟතාව පිළිබඳ සකස් කළ වාර්තාවේ මේ බව සඳහන්ව තිබෙනවා.

මේ අනුව 2023 අප්‍රේල් 30 දිනට පෙර සම්පුර්ණ කිරීමට නියමිතව තිබූ මහ බැංකු පනතට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම හා ඔට්ටු හා සුරාබදු ඉහළ දැමීම යන එකඟතාවන් මේ දක්වා ශ්‍රී ලංකා රජය ඉටු කර නොමැති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඊට අමතරව මූල්‍ය විනිවිදභාවය සඳහා මාර්ගගත වේදිකාවක් නිර්මාණය කිරීම 2023.04.30ට පෙර ඉටු කරන බවට ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇත්ද එය මෙතෙක් සම්පුර්ණ කර නොමැති ඇති බව සඳහන්.

ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් මස 30 වනදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සම්පුර්ණ කළ යුතු එකඟතාව ප්‍රමාණය 37කි.

වෙරිටේ රිසර්ච් ආයතනය කියා සිටින්නේ පසුගිය අප්‍රේල් 31ට පෙර සම්පූර්ණ කරන බවට ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පොරොන්දු වී ඇති කරුණු දහයක තොරතුරු මේ දක්වා රජය ප්‍රකාශයට පත් කර නැති බවයි.

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...