30 C
Colombo
Saturday, May 4, 2024

ශ්‍රි පාද ආරක්ෂිත වැටෙන් පැන්න තරුණයා සොයා මෙහෙයුම්

- Advertisement -

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයෙක් ශ්‍රී පාද උඩ මළුවේ රත්නපුර මාර්ගයේදී ආරක්ෂිත වැටෙන් පහලට පැන අතුරුදන් වී ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසනවා.

මෙලෙස ශ්‍රී පාද උඩ මළුවෙන් පහළට පැන අතුරුදන් වී ඇත්තේ, හම්බන්තොට සූරිය වැව ප්‍රදේශයේ පදිංචි දිනේෂ් හේමන්ත නැමති වයස අවුරුදු 33 ක් වන තරුණයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම තරුණයා සුරියවැව ප්‍රදේශයේ තවත් කාන්තාවන් දෙදෙනෙකු සමග ඊයේ (19) දින උදෑසන ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ශ්‍රී පාද උඩ මළුවේ රත්නපුර මර්ගයෙන් පහළට බසිමින් සිටියදි එකවරම දිවගොස් ආරක්ෂිත වැටෙන් පහළට පනින අයුරු ශ්‍රී පාද උඩ මළුවේ සවි කර තිබු ආරක්ෂිත කැමරා දර්ශන වල පටිගත වී තිබෙනවා.

ශ්‍රී පාද උඩ මළුවෙන් පහළට පැන්න තරුණයා සොයා ලක්ෂපාන යුධ හමුදා කදවුරේ භට පිරිස් විසින් අද (20) දින උදැසන සිට ශ්‍රී පාද උඩ මළුව රක්ෂිතයේ මෙහෙයුමක් දියත් කර ඇති බවද සඳහන්.

ශ්‍රී පාද මළුවෙන් පහළට පැන ඇති තරුණයා මළුවෙන් පහළට පැනීමට ප්‍රථම සිහි විකල් වී සිටි බව එම තරුණයා සමග පැමිණි කාන්තාවන් දෙදෙනා නල්ලතන්නිය පොලිසිය වෙත පවසා ඇති බවයි වාර්තා වන්නේ.

අතුරුදන් වූ තරුණයා සම්බන්ධයෙන් රත්නපුර ශ්‍රී පාද මාර්ගයේ පිහිටි සිරිපාගම පොලිසිය වෙත ඔහුගේ ඥාතින් විසින් පැමිණිල්ලක් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...