31 C
Colombo
Friday, May 3, 2024

ඉන්දියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර ආසනයක් ඉල්ලයි

- Advertisement -

ඉන්දියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයෙකු විය යුතු බව සෞදි අරාබියේ තෙදින සංචාරය අතරතුරදී විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් පවසා තිබේ.

විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රට මෙන්ම පස්වන විශාලතම ආර්ථිකය, න්‍යෂ්ටික බලය සහ තාක්‍ෂණික කේන්ද්‍රස්ථානය ලෙස ඉන්දියාවට ආරක්‍ෂක කවුන්සිලයේ ස්ථිර සාමාජිකයෙකු වීමට ප්‍රබල අවස්ථාවක් තිබෙන බව ඔහු සෞදි දිනපතා පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පැවසීය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය, ගෝලීය තත්වයන්ට අනුවර්තනය විය යුතු බවත් ජාත්‍යන්තර ආරක්ෂාව පවත්වා ගැනීමේ එහි අරමුණු ඉටු කිරීමට පමණක් නොව ඊට අදාළව සිටීමට ද අවශ්‍ය බවත් ඔහු පෙන්වා දී ඇත.

ජයශංකර් සෞදි අරාබිය වැදගත් රාජ්‍යක් ලෙස හැඳින්වූ අතර එහි ආකර්ෂණීය වර්ධන වේගය මෙන්ම බලශක්ති වෙළඳපොලේ එහි කේන්ද්‍රීය ස්ථානය ද ඊට හේතු බව සදහන් කරනු ලැබිණ.

මේ අතර, 2021-22 කාලය තුළ ඉන්දියාව සමඟ සෞදි අරාබියාවේ වෙළඳාම ඩොලර් බිලියන 42 කට වඩා වැඩි බව සදහන් වේ.

එමෙන්ම මෙම සංචාරයේ දී අමාත්‍යවරයා සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු හමුවී ඉන්දියාවේ සංචාරයකට ආරාධනා කරමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ලිඛිත පණිවිඩයක් භාර දී තිබේ.

ජයශංකර් සෙනසුරාදා රියාද් වෙත පැමිණි අතර ඔහු සහ සෞදි විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරු ද්විපාර්ශ්වික සබඳතාවල ප්‍රගතිය සමාලෝචනය කර ඇති බව පැවසේ.

RECENT ARTICLES - SINHALA

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

අමාත්‍ය මණ්ඩල තීරණය අභියෝගයට ලක් කරන අයට එරෙහිව පියවර

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් රටට ඇතුළුවීමේදී On Arrival ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගමක් වෙත පවරා ඇත්තේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව බව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...