28.9 C
Colombo
Thursday, March 27, 2025

චීන නැව සම්බන්ධයෙන් ඉන්දියාව සන්නද්ධව සූදානමෙන් බව දැනුම් දෙයි

- Advertisement -

අධි තාක්‍ෂණික චීන නැවට ශ්‍රී ලංකාවේ නැව්ගත කිරීමට ඉඩ දීමෙන් පසුව ඇතිවිය හැකි ඕනෑ ම ආකාරයක අභියෝගයකට මුහුණ දීමට ඉන්දියාව හොඳින් සූදානම්ව සිටින බව ඉන්දීය මධ්‍යම මණ්ඩල අමාත්‍ය සර්බානන්ද සොනොවාල් පවසනවා.

ඒ බව අද (14) ද ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කරන්නේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ ඕනෑ ම ආකාරයක තත්ත්වයක් ඵලදායි ලෙස හැසිරවීමට අපි හොඳින් සන්නද්ධව සහ හොඳින් සූදානම්ව සිටිනවා” යැයි ඔහු පැවසූ බවයි.

කෙසේ නමුත්, යුවාන් වැන්ග් 5 අධි තාක්ෂණික නෞකාවට අවශ්‍ය නාවික පහසුකම් ලබා ගැනීම සඳහා ලබන 16 වනදා සිට 22 වනදා දක්වා හම්බන්තොට වරායේ රැඳී සිටීමට අවසර ලබා දීමට ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය කටයුතු කර තිබෙනවා.

අදාල නැව මෙරටට පැමිණීමට නියමිතව තිබුණේ පසුගිය 11වනදා වන නමුත් අගෝස්තු 5වනදා මෙරට රජය විසින් සිදු කළ ඉල්ලීමකට අනුව නෞකාවේ මෙරට සංචාරය කල් දැමුණා. එම නෞකාව මෙරට මුහුදු සීමාවට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව මුල සිටම සිය විරෝධය පල කළා.

RECENT ARTICLES - SINHALA

වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයට හොරු පැනලා

වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට අද (27) අලුයම සොරෙක් පැන තිබෙනවා. එම නඩු භාණ්ඩ කාමරයේ ජනේලය විවෘත කිරීම සඳහා ඔහු උත්සාහ කර ඇති...

ඩෙංගු අවදානම යළි ඉහළට

දිස්ත්‍රික්ක 8ක අද (27) සිට දින 3ක්, විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. මදුරු ඝනත්වය ඉහළ අගයක පවතින කොළඹ,...

ක්‍රිෂ් නඩුවෙන් දෙවන විනිසුරුවරයාත් ඉවත්වෙයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව විභාග කරන දෙවන විනිසුරුවරයාත් එම නඩු විභාගයෙන් අද (27) ඉවත් වුණා. මෙම නඩුව විභාග කළ...

POPULAR ARTICLES