29 C
Colombo
Monday, October 3, 2022

චීන නැවට ලංකාවට එන්න ඉඩ දෙන්න..! – විමල් ඇතුළු පිරිසක් කියයි

- Advertisement -

මතභේදයට තුඩු දී ඇති චීනයේ යුවාන් වැන්ග් – 5 පර්යේෂණ නෞකාවට හම්බන්තොට වරායට ඇතුළුවීමට අවසර ලබාදිය යුතු බවයි ස්වාධීන පක්ෂ එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

මෙම නිවේදනයට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ඇතුලු ස්වාධීන කණ්ඩායමේ නියෝජිතයින් අටදෙනෙකු අත්සන් තබා තිබෙනවා.

මේ අතර, අදාල නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් වහාම සිදුකළ යුතු බව හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වන ආචාර්ය දයාන් ජයතිලක ප්‍රකාශ කරනවා.

ඒ සඳහා විශේෂ නියෝජිතයෙකු වහාම චීනයට සහ ඉන්දියාවට ගොස් දෙපාර්ශ්වයට පිළිගත හැකි අතරමැදි විසඳුමකට එළැඹීම අත්‍යවශ්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ.

චීනයේ – යුවාන් වැන්ග් – 5 පර්යේෂණ නෞකාව පිළිබඳව පසුගිය දින කිහිපය තුළදීම වාර්තා පළ වූ අතර එය ඊයේ පෙරවරු 9යි 30ට හම්බන්තොට වරායට ළඟාවීමට නියමිත බවටයි ඉන්දීය එන්.ඩී.ටී.වී. පුවත් සේවය වාර්තා කර තිබුණේ.

මෙම නෞකාව පර්යේෂණ නෞකාවක් ලෙස හැඳින්වුවත් අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල සහ චන්ද්‍රිකා ස්ථානගත කිරීම් නිරීක්ෂණය කිරීමට හැකියාව තිබීම හේතුවෙන් ආරක්ෂාවට තර්ජනයක් වනු ඇති බවට ඉන්දියාව මත පළ කළා.

මේ හේතුවෙන් ඉන්දියාවේ දැඩි අප්‍රසාදය මෙම නෞකාව පැමිණීම සම්බන්ධයෙන් එල්ල කර ඇති අතර එවන් පසුබිම ලක් රජය ද චීනයට දැනුම් දී තිබුණේ මෙම නෞකාවේ පැමිණීම ප්‍රමාද කරන ලෙසටයි.

මේ අතර, මේ වන විට ආන්දෝලනාත්මක තත්ත්වයේ පසුවන පාකිස්ථාන යුද නෞකාව වන PNS Taimur නෞකාව අද පෙරවරුවේදී කොළඹ වරායට ළඟා වී තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

Breaking : ගෑස් මිල පහළට

ඔක්තෝබර් මස 5 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් මිල සංශෝධනය කෙරෙන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කරනවා. එහි සභාපති...

පාසල් නිල ඇඳුම් 70%ක් චීනයෙන්

2023 වසර සඳහා සදහා පාසල් සිසු සිසුවියන්ට අවශ්‍ය නිල ඇඳුම් ප්‍රමාණයෙන් සියයට හැත්තෑවක් චීන රජයෙන් ලබාදීමට එකඟතාව පළකර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල්...

කෝප් කමිටුවේ නව සාමාජිකයන් මෙන්න

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව සඳහා නව සාමාජිකයින් මේ වන...

RECENT ARTICLES - ENGLISH

Tom Moody and Sri Lanka Cricket to part ways

0
Former Sri Lankan Head Coach Tom Moody, who joined Sri Lanka Cricket once again last year as the director of cricket for...

Temples to switch off lights on Poya Day to protest tariff hike?

0
A proposal has been presented to the Central Province Maha Sangha Sabha to turn off the lights within all temples across the...

Horrific details about captivity of 7 Sri Lankans by Russian soldiers revealed

0
A Ukrainian journalist and the Kharkiv region’s police have disclosed appalling details about the torture the seven Sri Lankans endured while they...