33 C
Colombo
Sunday, May 5, 2024

ඉන්දියාවේ දරුවන් අතර පැතිරයන තවත් මාරාන්තික රෝගයක්

- Advertisement -

කොරෝනා සමඟ දරුණු ලෙස සටන් වැදීමට සිදුව ඇති ඉන්දියාවේ ළමුන් අතර පැතිර යන තවත් රෝගයක් පිළිබඳව Economic Times වාර්තා කරනවා.

බහු ඉන්ද්‍රිය ඉදිමීමේ රෝගය (multi-organ inflammatory syndrome) ලෙස හඳුන්වන මෙම රෝගය සම්බන්ධ සිද්ධීන් 100කටත් අධික ප්‍රමාණයක් පසුගිය දින 5ට උතුරු ඉන්දියාවෙන් පමණක් වාර්තාවී ඇති බවයි පැවසෙන්නේ.

කොවිඩ් රෝගයෙන් සුවපත් වන දරුවන් තුල මෙම තත්වය මතුවන අතර ළමා දැඩි සත්කාර පිළිබඳ ඉන්දියානු ඇකඩමිය පවසන ආකාරයට වයස 4-18ත් අතර වයස් පරාසයක රෝගීන් බහුලව වාර්තා වී ඇඇති නමුත් වයස මාස 6ක පමණ බිළිඳුන්ද මීට ගොදුරුවූ අවස්ථාද පවතින බවයි පැවසෙන්නේ.

මෙම රෝගයෙන් ළමුන්ගේ පෙනහළු, වකුගඩු සහ මොළය ඇතුළු සියලුම අවයව වලට බලපෑම් කළ හැකි බව කෝවිඩ් විශේෂඥ සහ ළමා රෝග විශේෂඥ වෛද්‍ය, ගංගා රාම් රෝහලේ ජ්‍යෙෂ්ඨ උපදේශක, ධිරෙන් ගුප්තා මහතා පවසයි.

කෙසේ වෙතත්, යමෙකු මුල් අවධියේදී රෝග ලක්ෂණ හඳුනා ගන්නේ නම්, රෝගීන්ට නිසි වේලාවට ප්‍රතිකාර කළ හැකි බවයි පැවසෙන්නේ. රෝග ලක්ෂණ ලෙස දින තුනක් හෝ පහකට වඩා පවතින උණ, දරුණු උදර වේදනාව, රුධිර පීඩනය හදිසියේ පහත වැටීම සහ පාචන තත්වය හඳුනාගෙන ඇත.

ඉන්දියාවේ ළමා ජනගහනයෙන් සියයට 26 ක් වයස අවුරුදු 14 ට අඩු අය වන අතර මෙම ප්‍රතිශතයෙන් අඩක් පමණ වයස අවුරුදු පහට අඩු අය බව ඉන්දියානු ළමා දැඩි සත්කාර ඇකඩමිය පවසයි.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...