ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලිගේ මාස 10ක් වයසැති දියණිය දූෂණය කරන බවට තර්ජනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම ලැබූ පරාජයන් හමුවේ උරණ වූ පුද්ගලයකු ට්විටර් ඔස්සේ මෙම තර්ජනය කර ඇති බවයි පැවසෙන්නේ.
එම පුද්ගලයා ඊයේ (10) දකුණු හයිද්‍රාබාද් නගරයේ දී අත්අඩංගුවට ගැනුණා.
මෙසේ තර්ජනය කර ඇති පුද්ගලයා මෘදුකාංග නිර්මාණ ශිල්පියෙක් බව ද අනාවරණය වී තිබෙනවා.
මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ වන විට පැවැත්වෙන තරඟාවලියේ පිට පිට තරඟ පරාජයට පත්වීමෙන් පසුව ඉන්දීය කණ්ඩායම අන්තර්ජාලය ඔස්සේ දැඩි විරෝධයකට ලක් වී සිටින බවයි.
ඉන්දියාව පරම ප්‍රතිවාදී පාකිස්තානය හමුවේ පරාජයට පත්වීමෙන් පසුව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් වෙත ප්‍රහාර රැල්ලක් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වුණා.
එය ලෝක කුසලාන තරඟාවලියකදී ඉන්දියාව පාකිස්තානය හමුවේ පරාජය වූ පළමු අවස්ථාවයි.