29 C
Colombo
Saturday, July 27, 2024

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

- Advertisement -

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

එම ආමාත්‍යංශය පෙන්වා දෙන්නේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ගායන ශිල්පිනී උමාරියා සිංහවංශ විසින් ජාතික ගීය ගායනා කිරීමේදී කිසියම් අක්‍රමිකතාවයක් සිදුව ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇති බවයි.

ශ්‍රී ලංකා ජාතික ගීයෙහි පදමාලාවෙහි සඳහන් වන “…නමෝ නමෝ මාතා යන්න “..නමෝ නමෝ මහතා ” ලෙස ඇය විසින් ගායනය කර ඇති බවට සමාජමාධ්‍ය ඔස්සේ අදහස් ඉදිරිපත් වූ අතර ඒ සම්බන්ධයෙන් නිර්නාමිකව පැමිණිලි ඉදිරිපත් වූ බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය තවදුරටත් පවසනවා.

ඒ අනුව සිදු කළ විමර්ශනයට අදාළව යොමු කරන ලද තොරතුරු ඉල්ලීමකට අනුව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිකුත් කර ඇති ලිපියක මේ බව සඳහන්.

ස්වදේශ කටයුතු ආමාත්‍යාංශය පවසන්නේ උමාරියා සිංහවංශ විසින් ජාතික ගීය ගායනා කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන ස්වර මාලාව අනුව මෙම ගායන සිදුකර නොමැති බව අනාවරණය වී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී උමාරියා සිංහවංශ මහත්මියගෙන්ද කරුණු විමසීමක් සිදු කර ඇති අතර එහිදී ඇය පවසා තිබුණේ, තමා විසින් F ස්වරයෙන් ජාතික ගීය  ගායනා කළ බවයි.

කෙසේවෙතත්, ආණ්ඩුක්‍රම වස්ථාවේ දක්වා ඇති ජාතික ගීය E (ග) ස්වර පරාසයෙන් දක්වා ඇති බවත් තමාගේ ගායනය ඊට වෙනස් ආකරයකින් ඉදිරිපත් වූ බවත් එහිදී ඇය පිළිගෙන තිබුණා.

එමෙන්ම, ජාතික ගීයේ එන මාතා යන්න ඇය විසින් මහතා ලෙස ගායනය කළේද යන්න සම්බන්ධයෙන් උමාරියා සිංහවංශ මහත්මිය පවසා ඇත්තේ තමා විසින් ‘මාතා’ යන්න ස්වර තුනකින් (මා තා) ගායනා කර ඇති අතර එය ශ්‍රාවකයින්ට මහතා ලෙස ශ්‍රවනය වී ඇති බවයි.

එය, අදාළ ක්‍රීඩාංගනයේ ශබ්ද පරිපාලනය එය පටිගත කිරීම රූපවාහිනිය ඔස්සේ මුදා හැරිමේදී (tv-out) නොමැති බැවින් තමාගේ හඬ පමණක් ඉස්මතු වීම නිසා සිදු වූ දෝෂයක් බවට ඇය විසින් කරුණු පැහැදිලි කිරීමක්ද ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේවෙතත්, ස්වදේශ කටයුතු අමාත්‍යංශය අවධාරණය කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ‘මාතා’ යන්න ස්වර 2ක් පමණක් සහිතව දක්වා ඇති බවයි.

ඒ අනුව, එකී ගායනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන උපලේඛනයේ දක්වා ඇති ආකාරයට පටහැනි බව ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ නිරීක්ෂණයට ලක්ව තිබෙනවා.

එහිදී අනාවරණය වී ඇත්තේ, ගායිකාව හෝ සංවිධායක මණ්ඩලය ජාතික ගීය සඳහා නියමිත ප්‍රමිතියක් ඇති බව සැලකිල්ලට නොගෙන මෙම ඉදිරිපත් කිරීම සිදු කර ඇති බවයි.

ඒ අනුව, මෙම ගායනය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට මෙන්ම  ජාතික කොඩිය සඳහා රීති මාලාවක් සකස් කර ඇති පරිද්දෙන් ජාතික ගීය සම්බන්ධයෙන්ද රීති මාලාවක් හඳුන්වා දීම සඳහා පියවර ගන්නා බවට ස්වදේශ කටයුතු අමාත්‍යංශය නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...