28 C
Colombo
Saturday, May 4, 2024

ඉන්දියාවෙන් යුක්රේනයට තවත් මානුෂීය ආධාර තොගයක්

- Advertisement -

යුක්රේනයේ ඉන්දීය තානාපති හර්ෂ් කුමාර් විසින් යුක්රේනයේ ජනතාව වෙනුවෙන් ලබාදීම සදහා මානුෂීය ආධාර කිලෝග්‍රෑම් 7,725 ක් එරට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ඔලෙස්කි යරෙමෙන්කෝ වෙත භාරදී තිබේ.

කිලෝග්‍රෑම් 7,725 ක ආධාර තොගයට අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ ඇතුළත් විය.

ඉන්දියාව මාර්තු මාසයේදී යුක්රේනයට මානුෂීය ආධාරයේ පළමු කොටස යවා තිබිණ.

යුක්රේනයේ ගැටුමේ ආරම්භයේ සිටම, ඉන්දියාව ගැටුම් වහාම නතර කරන ලෙසත් ප්‍රචණ්ඩත්වය අවසන් කරන ලෙසත් නිරන්තරයෙන් ඉල්ලා සිටියේය.

රාජ්‍ය තාන්ත්‍රික මාවතට නැවත පැමිණෙන ලෙස ඉන්දියාව දෙපාර්ශ්වයෙන් ඉල්ලා ඇති අතර ගැටුම අවසන් කිරීම සඳහා වන සියලුම රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නයන් සඳහා සිය සහය ද ප්‍රකාශ කර තිබේ.

මේ අතර, යුක්රේන ගැටුමේ බලපෑම යුරෝපයට පමණක් සීමා නොවන බව අවධාරණය කළ ඉන්දියාව, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල ආහාර, පොහොර සහ ඉන්ධන සුරක්ෂිතතාව පිළිබඳ උත්සුකයන් උග්‍ර කර ඇති බව අවධාරණය කරයි.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...