33 C
Colombo
Sunday, May 5, 2024

ඉන්දියාවට මග කියන බුද්ධ දර්ශනය

- Advertisement -

නවදිල්ලියේ දී ආරම්භ වූ පළමු ගෝලීය බෞද්ධ සමුළුවේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බුදුරජාණන් වහන්සේගේ උතුම් ඉගැන්වීම් ඉස්මතු කළේය.

“ගෞතම බුදුන්ගේ උතුම් ඉගැන්වීම් සියවස් ගණනාවක් පුරා අසංඛ්‍යාත මිනිසුන්ට බලපෑම් කර ඇත. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් වලින් ආභාෂය ලබා ඉන්දියාව ගෝලීය සුබසාධනය සඳහා නව මුලපිරීම් ගනිමින් සිටී,” අගමැති මෝදි පැවසීය.

“බුද්ධ යනු පුද්ගලයාට එහා ගිය අවබෝධයකි, බුද්ධ රූපයෙන් ඔබ්බට වූ සිතිවිල්ලකි, බුද්ධ රූපයෙන් ඔබ්බට ගිය විඤ්ඤාණයකි, මේ බුද්ධ විඤ්ඤාණය සදාකාලිකයි, නියතයි…” අගමැති මෝදි පැවසීය.

ඉන්දියාව සංවර්ධිත රටක් බවට පත් කිරීම සඳහා ‘අම්රිත් කාල්’ හරහා ඉදිරියට යන බවත්, ඒ පිටුපස ඇති ලොකුම ආනුභාවය බුදු රජාණන් වහන්සේ බවත් අගමැති මෝදි වැඩිදුරටත් පැවසීය.

ඉන්දියාව බුදු රජාණන් වහන්සේගේ වටිනාකම් අඛණ්ඩව ප්‍රචලිත කළ බව අගමැති මෝදි පැවසීය. “බුද්ධ මාර්ගය පරියක්ති, පටිපත්ති සහ පටිවේධ වේ. න්‍යාය, ප්‍රායෝගිකත්වය සහ අවබෝධය යන්නෙන් අදහස් කෙරේ. පසුගිය වසර 9 තුළ ඉන්දියාව මේ කරුණු තුනෙන්ම වේගයෙන් දියුණු වී ඇත,” ඔහු පැවසීය.

“අද ලෝකය දුක් විඳින යුද්ධයට සහ නොසන්සුන්තාවයට සියවස් ගණනාවකට පෙර බුදුරජාණන් වහන්සේ විසඳුමක් ලබා දුන්නා. ගැටලු විසඳීමේ ගමන බුදුන්ගේ ගමනයි. ඉන්දියාව සෑම මිනිසෙකුගේම දුක තමන්ගේම දුකක් ලෙස සලකයි,” අගමැති මෝදි පැවසීය.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...