30 C
Colombo
Saturday, May 4, 2024

සුළඟට කඩා වැටුණු ඉන්දියාවේ දැවැන්ත පාලම

- Advertisement -

ඉන්දියාවේ ඉදි කෙරෙමින් පැවති දැවැන්ත පාලමක්  සුළඟකට හසු වීමෙන් කඩා වැටී තිබෙනවා.

තෙලන්ගානා ප්‍රාන්තයේ පැවති පාලමක් මෙලෙස කඩා වැටීමකට ලක්ව ඇති බවයින් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

අධික සුළං තත්ත්වය සමඟ පාලමේ අඩි 100ක පමණ කොන්ක්‍රීට් කොටසක් කඩා වැටී ඇති බව තවදුරටත් සඳහන්.

එම පාලම කඩාවැටීමට සුළු මොහොතකට පෙර එම ස්ථානයෙන් මංගල උත්සවයක පුද්ගලයින් 65 දෙනෙකු රැගත් බස් රථයක් ද ගමන්කර තිබෙනවා.

කෙසේවෙතත් මෙම අනතුරින් ඔවුන් කිසිවෙකුට අනතුරක් නොවීම විශේෂත්වයක්.

සිද්ධිය සම්බන්ධයෙන් එරට බලධාරීන් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

2016 වසරේදී ඉදි කිරීම ආරම්භ කර ඇති මෙම පාලම සාදා නිම කිරීම සඳහා කෝටි 46 ක මුදලක් ඇස්තමේන්තුගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

වසරක් ඇතුළත මෙම පාලම සාදා නිම කරන බව පැවසුවත් එය තවමත් ඉදි නොකිරීම සම්බන්ධයෙන් ජනතාව බලධාරීන්ට චෝදනා කර තිබෙනවා.  

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...