28 C
Colombo
Saturday, May 4, 2024

ඉන්දු – ඇමෙරිකා සබඳතා නව මානයකට – කලාපයේ බල කේන්ද්‍රය කොතනද?

- Advertisement -

“මම නියෝජනය කරන්නේ මේ සියලු ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාදයන්ට මාතෘත්වය දුන් රටයි. භාෂා ගණනාවක් කතා කරන ජාතීන් රැසකින් සමන්විත අපේ විවිධත්වය අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තියයි. පියාගේ තේ කඩයේ අත් උදව්වට සිටි කොලුවෙකුට අග්‍රාමාත්‍ය ධුරය දක්වා පැමිණීමට හැකි නම් ඊට වඩා ප්‍රජාතන්ත්‍රවාදයක් තවත් අවශ්‍යද ?”

තමන්ව උදාහරණයට ගනිමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඉදිරියේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ සුවිශේෂී වටිනාකම් ලොවට සිහිපත් කළේය.

විනාඩි විස්සකට මදක් වැඩි වූ කාලයක් සිය මවු බසෙන්, එනම් හින්දි භාෂාවෙන් ජගත් සමුළුව ඇමතූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කොවිඩ් 19 වසංගතය, දේශගුණික විපර්යාස, දරිද්‍රතාවය තුරන් කිරීම, ඇෆ්ගනිස්ථානයේ වත්මන් තත්ත්වය පිළිබඳ මෙන්ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සිදුවිය යුතු අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ කෙරෙහිද ලෝක නායකයින්ගේ අවධානය යොමු කළේය.

ත්‍රස්ත සංවිධානවලට ලබාදෙන සහය පිළිබඳ පකිස්තානයටත්, ලෝක සම්මතයන් අභිබවා යෑමට උත්සාහ කරන චීනයටත් සිය කතාව තුළ ඇඟිල්ල දිගු කළ මෝදි අග්‍රාමාත්‍යවරයා එම රටවල නම් සඳහන් නොකිරීම කැපී පෙනුනා.

විශේෂයෙන්ම කොරෝනා වෛරසයේ මුලාරම්භය සෙවීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන මතභේදය සහ ලෝක බැංකුවේ ව්‍යාපාර සඳහා පහසුව දර්ශකය” (Ease of doing business index) අවලංගු කිරීම ගැන සඳහන් කරමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජාත්‍යන්තර ආයතන වලට දොර වැසීම චීනයේ විනිවිදභාවය පිළිබඳ ප්‍රශ්නාර්ථයක් බව බව ඉස්මතු කළේය. ඇෆ්ගනිස්තානය තුළ පකිස්තානයේ සැඟවුණු න්‍යාය පත්‍රය වෙත අවධානය යොමු කළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ පසුගාමී මානසිකත්වය ත්‍රස්තවාදයට දේශපාලන අරුත් සපයන බවයි. ඇෆ්ගනිස්ථානයේ දැන් පවතින තත්ත්වය ලොව කිසිදු රටකට සිය ආත්මාර්ථකාමී අවශ්‍යතා සඳහා මෙවලමක් ලෙස භාවිත කිරීමට ඉඩ නොදිය යුතු බව නරේන්ද්‍ර මෝදි ලෝක නායකයින් හමුවේ අවධාරණය කළේය.

එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට මත්තෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ උප ජනාධිපති කමලා හැරිස් මුණගැසුණි. බයිඩන් ජනාධිපතිවරයා සහ මෝදි අග්‍රාමාත්‍යවරයා අතර සිදුවූ පළමු ද්විපාර්ශ්වික හමුව මෙයයි. ඉන්දු ඇමරිකා සබඳතාවේ නව පරිච්ඡේදයක ඇරඹුම ලෙස මෝදි අග්‍රාමාත්‍යවරයාගේ හමුවීම ජනාධිපති ජෝ බයිඩන් විසින් හඳුන්වා දී තිබුණි. ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ තිබුණේ ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් ද්විත්වය ලෙස පොදු අභියෝගය සඳහා එක්ව මුහුණදීමට කැපවන බවයි.
මෙම හමුවේ දී ඉන්දියාවේ සංචාරයක නිරත වන ලෙස නරේන්ද්‍ර මෝදි, ඇමරිකානු ජනාධිපතිවරයාට කළ ආරාධනය ඔහු පිළිගත් බවද බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේය. එමෙන්ම ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී එක්ව වැඩ කිරීම සම්බන්ධයෙන් ද දෙරටේ නායකයින් දෙපළ ද්විපාර්ශ්වික සාකච්ඡාවල දී අවධානය යොමු කර තිබුණි. ඉදිරියේ දී පැවැත්වීමට නියමිත වෙළෙඳ ප්‍රතිපත්ති සමුළුව යටතේ ද්විපාර්ශික සබඳතා පුළුල් කරගනිමින් තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට රැගෙන යාම පිළිබඳ අවධානය යොමුව තිබේ. එමෙන්ම ඉන්දු – ඇමරිකා වෙළඳ සංවාදයක් හා ව්‍යාපාරික ප්‍රධානීන්ගේ හමුවක් පැවැත්වීමට ද අදහස් කරගෙන ඇතැයි ධවල මන්දිරය නිවේදනය කළේය.

සිය අතිශය කාර්යබහුල ඇත්තේ තෙදින ඇමරිකානු නිල සංචාරය තුළ නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා ඇමරිකානු උප ජනාධිපති කමලා හැරිස් හමුවූයේ ද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට පෙරයි. අදාළ හමුව පිළිබඳ තැබූ ට්විටර් සටහනක මෝදි පවසා තිබුණේ ඇගේ, කමලා හැරිස්ගේ පියවර සමස්ත ලෝකයටම ආදර්ශයක් බවයි.

අන්‍යෝන්‍ය වටිනාකම් සහ සංස්කෘතික සබඳතා මත පදනම් වූ ඉන්දු – ඇමරිකා මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරන විෂයන් කිහිපයක් කෙරෙහි අවධානය යොමු කළ බව නරේන්ද්‍ර මෝදි වැඩිදුරටත් පැවසීය. මෙම හමුවේ හමුවේදී ත්‍රස්තවාදය වැළැක්වීම සම්බන්ධයෙන් අදහස් පල කරමින් ත්‍රස්තවාදී සංවිධාන හා කණ්ඩායම් සඳහා සිදුකරන ආධාර නතර කරන්නැයි උප ජනාධිපතිනිය පකිස්ථානයෙන් එල්ලා සිටියාය. ත්‍රස්ත කණ්ඩායම් සඳහා පාකිස්තානය සහයෝගය ලබාදීම පාලනය කිරීමේ සහ ඒ පිළිබඳ සමීපව අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාවද උපජනාධිපති කමලා හැරිස් අවධාරණය කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

මෙම හමුවේ දී දෙපාර්ශවය නිදහස් සහ විවෘත ඉන්දු – පැසිෆික් කලාපයක් සඳහා වූ තම කැපවීම නැවතත් අවධාරණය කර තිබේ. විශේෂයෙන්ම කලාපය තුළ බලහත්කාරයෙන් සිය බලය ස්ථාවර කර ගැනීමට චීනය දරන අනවරත ප්‍රයත්න හමුවූයේ ඇමරිකාව මෙන්ම ඉන්දියාවද එම කලාපයේ මෑතකාලීන වර්ධනය පිළිබඳ ඉහළ අවධානයක් නිරන්තරයෙන් යොමු කරමින් සිටී.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය රාජ්‍යය සංචාරය සංචාරය අතරතුර ප්‍රමුඛ පෙළේ අමෙරිකානු ව්‍යාපාරිකයන් රැසක්ද මුණගැසුණි. ඒ හරහා ඉදිරි වසරක පමණ කාලය තුළ ප්‍රබල ඇමරිකානු සමාගම් රැසක් ඉන්දියාවේ සිය ආයෝජනයන් පුළුල් කිරීමට සහ අලුතින් ආරම්භ කිරීමට නියමිතව ඇත.

රාජතාන්ත්‍රික වශයෙන් සහ වෙළෙඳ හා වාණිජ ලෝකයේ ඉන්දියාව හා ඇමෙරිකාව අතර ගොඩනැගෙන මෙම සබඳතාව පැහැදිලිවම කලාපයේ ඇමරිකානු ආධිපත්‍යය තහවුරු කිරීමක් මෙන්ම චීනය නොසන්සුන්තාවට පත් කිරීමක් වනු ඇති බවට ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයෝ අදහස් පළ කරති. විශේෂයෙන් QUAD රටවල රාජ්‍ය නායක සමුළුවට සත්කාරකත්වය දැරීමට ඇමෙරිකාව ඉදිරිපත් වීම තුළ පැහැදිලි වන්නේ ඉන්දු – පැසිෆික් කලාපයේ ස්ථාවරත්වය කෙරෙහි ඇමෙරිකාව කොතරම් විමසිලිමත් ද යන්නයි .

QUAD රාජ්‍යයන් වන ඉන්දියා, ඕස්ට්‍රේලියා, ජපාන හා ඇමරිකානු රාජ්‍ය නායකයින්ගේ හමුවේ දී ජාත්‍යන්තර සංචරණයේ දී කොවිඩ් මර්දන එන්නත් සම්බන්ධයෙන් පොදු පිළිගැනීමක් ඇති කර ගැනීමේ වැදගත්කම හා අවශ්‍යතාව නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා මතු කළ අතර ඊට සෙසු රාජ්‍ය නායකයින්ගෙන් ද ඉහළ පිළිගැනීමක් ලැබී තිබුණි.

සමස්ත ලෝකයම කොවිඩ් 19 සමඟ සටන් කරන අවස්ථාවක මනුෂ්‍යත්වය අරබයා QUAD රාජ්‍ය නායකයින් යළි එක්වූ බව නරේන්ද්‍ර මෝදි පැවසීය. පසුගිය මාර්තු මාසේදී QUAD රාජ්‍ නායකයින් සිව්දෙනා ඒකාබද්ධ එන්නත් සැපයුම් දාමයක් ඉන්දු – පැසිෆික් කලාපය තුළ ස්ථාපිත කළහ. එම වැඩපිළිවෙළ ඉදිරියට රැගෙන යාම පිළිබඳ රාජ්‍ය නායක සමුළුවේ දී වැඩි අවධානයක් යොමු වී ඇති අතර ගෝලීය ආරක්ෂාව, දේශගුණික විපර්යාස හා තාක්ෂණික සහයෝගිතා වැනි ක්ෂේත්‍ර පිළිබඳවද නායකයින්ගේ අවධානය යොමුව තිබේ.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...