පාපැදියකින් ගමන් ගත් 13 හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණිල්ලක් කර ඇතැයි මහවෙල පොලිසිය සඳහන් කරනවා.
මෙම උප පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර බවද පොලිසිය පවසනවා.
මෙම දරුවා පාරේ වෙට්ටු දමමින් පාපැදිය පදවාගෙන ගිය බවට පවසමින් මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත්, පහර කෑමට ලක්වූ බව කියන මෙම බාල වයස්කාර දරුවා නිවෙසට පැමිණ ක්ලාන්තය සෑදුණු බව කියා ඇද වැටුණු බව දරුවාගේ මව පැවසු බවයි පොලිසිය සඳහන් කර සිටියේ.