33 C
Colombo
Sunday, May 5, 2024

ඇෆ්ගනිස්තානයේ නොපෙනන සාමය සහ පාකිස්තාන මැදිහත්වීම

- Advertisement -

අල්කයිඩා සහ තලේබාන් සංවිධාන අතර ඇති නොබිඳෙන සුළු සබඳතාවයන් පිළිබඳ පැහැදිලි කෙරෙන නවතම වාර්තාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ විශ්ලේෂණ සහයක සහ සම්බාධක නිරීක්ෂණ කණ්ඩායම පසුගිය ජූලි මාසයේදී නිකුත් කළා.

එම වාර්තාවට අනුව මේ වන විට අල්කයිඩා සංවිධානය ඇෆ්ගනිස්තානයේ ප්‍රාන්ත 34න් 15ක සක්‍රීයව ක්‍රියාත්මකයි. එමෙන්ම මධ්‍යම ආසියාව, රුසියානු සමූහාණ්ඩුව අයත් උතුරු කොකේසස් කලාපය, පාකිස්තානය හා චීනයේ ෂින්ජියෑං හි උයිගර් ස්වයං පාලන කලාපය නියෝජනය කරන දසදහසකට ආසන්න විදේශීය සටන්කාමීන් පිරිසක් ද ඇෆ්ගන් රජයට එරෙහිව සටන් වදින බව එම වාර්තාව මගින් අනාවරණ කර තිබෙනවා.

පාකිස්ථානය පදනම් කරගත් තලේබාන් නායකත්ව මණ්ඩල, අල්කයිඩා සහ තලේබාන් සබඳතා, ජාත්‍යන්තර ත්‍රස්තවාදය සහ 2020 පෙබරවාරි මාසයේ දෝහා හිදී ඇමරිකාව සහ තලේබාන් සංවිධානය අතර අත්සන් තැබූ ගිවිසුමෙන් පසු සාමය සඳහා ගත් උත්සාහයන් පිළිබඳ මෙම වාර්තාවේ දී අවධානය යොමු කර තිබෙනවා. කෙසේ වෙතත් ඇෆ්ගන් යුද්ධයේ පදනම සහ ඊට හේතු හඳුනාගැනීමට මෙම වාර්තාව අපොහොසත් වී තිබීම මවිතයට කරුණක්.

මේ මෙම වාර්තාවේ දැක්වෙන්නේ ඇතැම් අල්කයිඩා නායකයින් ඇෆ්ගන් – පාකිස්තාන දේශසීමාවේ රැඳී සිටින බවට වාර්තා වන බවයි. නමුත් 1998 අල්කයිඩා ආරම්භය වූ සමයේ සිට එහි සංවිධානාත්මක ව්‍යුහය පදනම් වී ඇත්තේත්, එමෙන්ම අල්කයිඩා නායකයින් වෙසෙන්නේත් පාකිස්තානයේ බව ජනමාධ්‍යවේදීන්, පර්යේෂකයන් හා පාකිස්තාන වර්තමාන හා හිටපු බලධාරීන් විසිනුත් අවස්ථා ගණනාවක දී තහවුරු කර තිබෙනවා. එමෙන්ම වසර හතරකට පමණ පෙර අයිමාන් අල් සව්හාරි ( Aiman Al Zawahiri) කරච්චිය ජීවත් වූ ආකාරය පිළිබඳව දීර්ඝ ලිපි මාලාවක් ද නිකුත් වී තිබුණා.

අල්ඛයිඩා හෝ කුර්සාන් පළාතේ ඉස්ලාමීය රාජ්‍යය හෝ ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය රාජ්‍යය හෝ තලේබාන් සංවිධානය දෙකඩ කිරීමට උත්සාහ කරන හකිනි ජාලය යන මේ සියල්ලන්ම ස්ථාන ගතව සිටින්නේ පකිස්ථානයේයි. එමෙන්ම එම කණ්ඩායම් එකිනෙක හා සම්බන්ධ කරන ශක්තිමත් හා දියුණු සැපයුම් දාමයක්ද පවතිනවා. නමුත් මේ කිසිවක් සම්බන්ධයෙන් ආරක්ෂක කවුන්සිල කණ්ඩායම සිය වාර්තාව සකස් කිරීමේ දී අවධානයට යොමු නොකිරීම විමතිදනවන්නක්.

ඇත්තවශයෙන් ගත් කල මේ වන විට පකිස්තානය ඇෆ්ගනිස්ථානයට එරෙහිව ප්‍රොක්සි යුද්ධයක නිරතව සිටිනවා. එවැනි තත්ත්වයක් ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට ද තර්ජනයක්. (Proxy War යනු තමන් සෘජුව සම්බන්ධ නොවන බලවතුන් විසින් පොළඹවන ලද යුද්ධයක්)
යම් ලෙසකින් ආරක්ෂක කවුන්සල කණ්ඩායම සිය වාර්තාව මගින් පාකිස්තානයේ මෙම ක්‍රියාකලාපය ලොවට හෙළි කළේ නම් පාකිස්තානයට දැඩි සම්බාධක වලට මුහුණ දීමට සිදු වනු ඇති.
ඉරාකය, ලෙබනනය, සිරියාව, යේමනය වැනි රටවල ප්‍රොක්සි යුද්ධයක නිරතව සිටින ඉරානයට ලොව රටවල් රැසක් සම්බාධක පනවා තිබෙනු දැකගන්නට පුළුවන්. එමෙන්ම යුක්රේනය සම්බන්ධ සිද්ධියේ දී ද රුසියාවට එරෙහිව ලොව රටවල් රැසක් විසින් සම්බාධක පනවනු ලැබුවා. එම තත්ත්වයන් හා සලකා බලන කල ඇෆ්ගනිස්තානය කෙරෙහි පාකිස්තානය මැදිහත්වීම ඉතා ඉහළයි.

ඇෆ්ගනිස්ථානයේ ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට නම් ලොව අවධානය පකිස්තානයෙන් මෙම ක්‍රියාදාමය කෙරෙහි යොමු විය යුතුමයි.

තලේබාන් සංවිධානය සහ ඇමරිකාව අත්සන් තැබූ සාම ගිවිසුමෙන් ලද එකම ජයග්‍රහණය වී තිබෙන්නේ ප්‍රහාරයකට ලක්වීමකින් තොරව එක්සත් ජනපද හමුදාවන්ට ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමට හැකිවීම පමණක් බව පෙනෙන්නට තිබෙනවා. අත්අඩංගුවෙන් මුදාහැරුණු දහස් ගණන් තලෙයිබාන් සටන්කාමීන් යළි සංවිධානය සමඟ එක්ව සිටීම අවාසනාවන්ත තත්ත්වයක්. තලේබාන් හා අල්කයිඩා සංවිධානය මෙම සාම ගිවිසුමට එළැඹීම එළැඹීමේ එකම බලාපොරොත්තුව එක්සත් ජනපදය සහ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටත්වූ පසු අඛණ්ඩ සටනකින් ඇෆ්ගනිස්තානයේ බලය යුදමය වශයෙන් අත්පත් කර ගැනීම බව පැහැදිලිව පෙනෙන කරුණක්.

මෙම සාම ගිවිසුම හරහා කොන්දේසි විරහිතව ඇමෙරිකානු සහ නේටෝ හමුදා ඉවත් වීම තුළ පැහැදිලි වන්නේ බරපතල ත්‍රස්ත තර්ජන සඳහා මුහුණ දීමේ බටහිර උපක්‍රමය පරාජය වී ඇති බවයි. වසර දහයකට වැඩි කාලයක් ඇෆ්ගනිස්තානය තුල යුද වැදුණේ ප්‍රශ්න තර්ජනයට එරෙහිවයි. නමුත් අද ඔවුන් එරටින් ඉවත්වන්නේ ජයග්‍රහණයකින් පසුව ද? විදේශ හමුදාවන් ඉවත් වීමෙන් පසු ඇෆ්ගනිස්තානය නිමා නොවන වෙඩි හුවමාරුවක ගිලුණු රටක් බවට පත්වනු ඇති.

දශකයකට ආසන්න යුද්ධයකින් පසුවත් විසඳුමක් නොලැබුණු ඇෆ්ගන් ප්‍රශ්නය දෙස වෙනත් මානයකින් බැලිය යුතුව තිබෙනවා. එය සෘජුවම පකිස්තානය කේන්ද්‍රකරගත් ඇෆ්ගනිස්තානය කෙරෙහි පාකිස්ථානයේ මැදිහත්වීම කේන්ද්‍ර කර ගත් එකක් විය යුතුව තිබෙනවා. එසේ නොවන තාක් මේ ප්‍රශ්නයට විසඳුමක් සෙවීමට හැකි නොවනු ඇති. පවතින තත්ත්වය සැලකීමේදී පාකිස්තානය ක්‍රියාකලාපය හෙළා දැකීමේ ප්‍රබල හඬක් ලොව කොතැනකින් හෝ නැගෙන බවක් පෙනෙන්නට නැහැ.

පකිස්ථානය ප්‍රතිපත්ති නොවෙේ ප්‍රතිපත්ති නොවෙනස් වන තුරු ඇෆ්ගනිස්තානයට ස්ථාවර විය නොහැකි බව පැහැදිලියි.

පවතින තත්වය තුළ ගත හැකි සුදුසු ම විකල්පය නම් අන්තර්වාර ආණ්ඩුවක් යටතේ සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර මැතිවරණයක් පැවැත්වීමයි. සටන් විරාමයකින් තොරව බල හුවමාරුවකට එළැඹීම පදනම් විරහිත ක්‍රියාවලියක්.

නමුත් පාකිස්තානය කෙරෙහි ලෝකයේ සෙසු රටවලින් දැඩි පීඩනයක් එල්ල නොවන තාක් ඔවුන් ඇෆ්ගනිස්ථානය තුළ සටන් විරාමයකට කිසිදු ඉඩක් නොදෙන බව අමතක නොකළ යුතුයි.

(එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ විශ්ලේෂණ සහයක සහ සම්බාධක නිරීක්ෂණ කණ්ඩායම නිකුත් කළ වාර්තාව පිළිබඳ ඇෆ්ගනිස්තානයේ එක්සත් ජාතීන්ගේ හිටපු නියෝජ්‍ය විශේෂ නියෝජිත ක්‍රිස් ඇලෙක්සැන්ඩර් සමග කළ සම්මුඛ සාකච්ඡාවක් පදනම් කරගනිමින් සකස් කළ ලිපියකි.)

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...