24.5 C
Colombo
Tuesday, June 17, 2025

ඉරාන ජනපතිගේ අවසන් කටයුතු හෙට: දින 05ක ශෝක කාලයක්

- Advertisement -

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ සහ ඉරාන විදේශ අමාත්‍ය අමීර් අබ්දුල්ලාහි ඇතුළු මියගිය පිරිසේ අවසන් කටයුතු හෙට (21) දිනයේ ටැබ්රිස් හිදී සිදුකිරීමට නියමිත බව ටෙහෙරාන් ටයිම්ස් පුවත් සේවය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෘත දේහයන් සියල්ල ඊට පෙර ටැබ්රිස් හි අධිකරණ වෛද්‍ය දෙපාර්තමේන්තුව වෙත ගෙන යන බවයි.

මේ අතර ඉරාන ජනාධිපතිවරයාගේ වියෝව හේතුවෙන් ඉරානයට දින 05ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලි ඛමෙනී විසින් මෙම ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇති බවයි.

මේ අතර, හෙලිකොප්ටර් අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත් වූ ඉරාන ජනාධිපතිගේ සහ අනෙක් පුද්ගලයින්ගේ සිරුරු අනතුරට ලක් වූ ප්‍රදේශයෙන් සොයාගත් බව ඉරාන රතු කුරුස සංවිධානය නිවේදනය කළා.

ඉරාන හමුදා නිලධාරියෙක් පවසා ඇත්තේ ඇතැම් සිරුරු පිළිස්සී ඇති බැවින් සිරුරු හඳුනාගැනීම දුෂ්කර වූ බවයි.


RECENT ARTICLES - SINHALA

මාලිමා ආණ්ඩුව ගෙනියන්නෙත් රාජපක්ෂ සංස්කෘතිය – මුජුබර් රහුමාන්

කොළඹ මහ නගර සභාවේ පුරපති පත්කිරීමේදී පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් නීති පියවර ගැනීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්

මේ වසර ඇතුළත පොදු ප්‍රවාහන බස් රථ සේවයේ සුරක්ෂිත ගුණාත්මකභාවයක් ඇති කරලීම සහ මගී ජනතාවට සුවදායක ලෙස සිය ප්‍රවාහන කටයුතු සිදු කරගැනීමට අවශ්‍ය කරන...

දේශබන්දු කමිටුවට තවත් තුනක් සාක්ෂි දීලා

දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සම්බන්ධයෙන් විමර්ශනය කරන පරීක්ෂණ කමිටුව ඉදිරියේ තවත් සාක්ෂිකරුවෝ තිදෙනෙක් සාක්ෂි ලබා දී තිබෙනවා. පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන්...

POPULAR ARTICLES

මාලිමා ආණ්ඩුව ගෙනියන්නෙත් රාජපක්ෂ සංස්කෘතිය – මුජුබර් රහුමාන්

කොළඹ මහ නගර සභාවේ පුරපති පත්කිරීමේදී පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් නීති පියවර ගැනීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්

මේ වසර ඇතුළත පොදු ප්‍රවාහන බස් රථ සේවයේ සුරක්ෂිත ගුණාත්මකභාවයක් ඇති කරලීම සහ මගී ජනතාවට සුවදායක ලෙස සිය ප්‍රවාහන කටයුතු සිදු කරගැනීමට අවශ්‍ය කරන...

මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය හෙට 

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා පිල අතර පළමු ටෙස්ට් ක්‍රිකට් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට(17) ආරම්භ වනවා. ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටම තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ...