29 C
Colombo
Thursday, March 23, 2023

ඉම්රාන් එන්නේ චීන කොන්ත්‍රාත්තුවකට ද?

- Advertisement -

ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න රැසක්ම මේ වනවිට තිබෙන්නේ ඉන්දියාව, චීනය, ඇමෙරිකාව පමණක් නොව පාකිස්ථානය ආදී රටවල් ගණනාවක රාජ්‍යතාන්ත්‍රික සබඳතා සමග ද පැටලැවීය. මේ නිසාම නව රාජපක්ෂ ආණ්ඩුවේ විදෙස් පිළිවෙත පෙර නොවූ විරූ ලෙස දැඩි අභියෝගයකට ලක්ව ඇති බව පෙනේ.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් වූ විවාදය තීව්‍ර වූ අතර ඉන්දියාව තවමත් සිටින්නේ 2019 ඇතිකරගත් එකඟතා ගැන යළි සලකා බලන ප්‍රවේශයකය. එයින් කියන්නේ ගත් පියවර ආපස්සට ගැනීම ගැන සූදානමක් නැති බවය. මේ අතර චීන ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගැන ද ඉන්දියාව සිටින්නේ දැඩි විමසිල්ලකිනි.

උතුරු පළාතේ දූපත් තුනක චීන විදුලිය ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ලංකාව අනුමැතිය දී ඇති බවට ‘ද හින්දු’ පුවත්පත ඊයේ(10) වාර්තා කර තිබීම සමග නැවතත් අලුත් සාකච්ඡාවක් ආරම්භ වී තිබේ. ඒ විදේශ කළමනාකරණය කරගැනීමට රාජ්‍ය අභ්‍යන්තර කටයුතු පාවිච්චි කරන තැනට ආණ්ඩුව වැටී ඇතිද කියාය. අනෙක් අතට ‘ද හින්දු’ පුවත්පත වාර්තා කළ පුවතේ අවධාරණයට ගත යුතු දෙයක් විය. ඒ නම් ඉන්දියාව සහ ජපානය සමග කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත ගනුදෙනුවෙන් ඉවත්වීමට ගත් තීරණය නවදිල්ලි අවශ්‍යතාවන්ට මතුවන එකම අභියෝගය නොවන බවය. විශේෂයෙන්ම නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් 2019 දී ඇතිකරගත් එකඟතාව යළි සලකාබැලීමට සතියකට පෙර ශ්‍රී ලංකාව තමිල්නාඩු වෙරළට කිලෝමීටර් 50ක් දුරින් පිහිටි යාපන අර්ධද්වීපයේ පිහිටි දූපත් තුනක් චීන ගනුදෙනුවකට භාවිත කිරීම ගැන ඉන්දියාව සිටින්නේ දැඩි විමසිල්ලෙනි.

ජනවාරි 18 කැබිනට් මණ්ඩලය ලබා දී තිබූ අනුමැතිය අනුව නාගදීපය, ඩෙල්ෆ්ට් හා අනලතිව් යන දූපත්වල දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිතය. කෙසේ වෙතත් මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ද ආණ්ඩුවට විවිධ පැමිණිලි ලැබී ඇති බව වාර්තාවේ.

උතුරු දූපත් චීනයට ප්‍රදානය කරන අතරේ වතුකරයේ ඇතැම් වතු ඉන්දියානු සමාගම්වලට පැවරීමේ සූදානමක සේයා මතුව ඇතැයි ද චෝදනාවක් නැගෙනමින් තිබේ. ඒ වතුකරයේ වෘත්තිය සමිතිවලිනි. ඔවුන් පවසන්නේ රුපියල් දහස නොගෙවන වතු සමාගම් රජයට පවරාගැනීමේ මුවාවෙන් මෙම ක්‍රියාවලිය දියත්වීමට හැකි බවය. සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපති කිට්නන් සෙල්වරාජ් මාධ්‍යට අදහස් දක්වමින් කියාසිටියේ ඉන්දියානු ගොවීන්ගේ ප්‍රශ්නය උග්‍ර වනවිට අදානි සමාගමට ලංකාවේ වතු සමාගම් දීමේ සූදානමක් වැනි තත්ත්වයක් පෙනීයන බවයි. වතු සමාගම් නැවත වසර විසි පහකට බදු දීමේ යෝජනාවක් පසුගිය කාලයේදී සාකච්ඡා වී යැයි ද එහි ක්‍රමවේදය කුමක්දැයි රජය පැවැසිය යුතු යැයි කී හෙතෙම වතුකරයේ ප්‍රගතිශීලින් වැඩපැවැත්වීමට කුලීකරුවන් යෙදීම හෙලාදකින්නේ යැයි ද පැවැසීය.

වතු අයිතිය ඉන්දියාවට යාදැයි එවැනි සැක පහළ වෙද්දී මෙරටින් වාර්ෂිකව තේ කිලෝග්‍රෑම් මිලියන හතරක් අපනයනය කිරීමට තේ මණ්ඩලය අවබෝධතා ගිවිසුමක් අස්සන් කර ඇත. ඒ ෆූජියෑන් චයිනා සමාගම සමගයි. වසර 15ක ගිවිසුම් කාලයකට පූර්ව එකඟතා මිලකට තේ මිලදී ගන්නා බව චීනය කිව්වත් තේ මණ්ඩලය පවසන්නේ වෙළෙඳපොල මිල අනුව එය තීරණය වනු ඇති බවයි.

ඉන්දියාව හා චීනය අතර ලංකා භූමියේ කටයුතු පිළිබඳ ගැටුම එසේ විවිධ මුහුණුවරින් පුපුරායද්දී පෙබරවාරි 22 වැනිදා චීනයේ සමීපතම පාර්ශ්වකරුවකු මෙරටට පැමිණීමට නියමිතය. ඒ පාකිස්ථානයේ අගමැති ඉම්රාන් ඛාන්ය. පෙබරවාරි 24 වැනිදා පාකිස්ථාන අගමැතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිතයි. ඒ අනුව ඉම්රාන් ඛාන් කවර සංඥාවක් කරනු ඇතිද යන්න ගැන නිසැකයෙන්ම ඉන්දියාවේ විමසුම් නෙත යොමු වනු ඇත. චීනය ද සිය පාකිස්ථාන මිත්‍රයා ලංකා අසල්වැසියාට එදිරිව උපරිම ලෙස භාවිත කිරීමට යත්න දරනු ඇත.

ඉන්දියාව සම්බන්ධයෙන් ලොකු බෝම්බයක් පුපුරවා යැවූ අනෙක් පාර්ශ්වය වූයේ ජනතා විමුක්ති පෙරමුණයි. ඒ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පසුපස ඉන්දියාව සිටින බවට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභිකයකු වූ වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවැසීමෙනි. ඔහු මෙම ප්‍රකාශය කර තිබුණේ බී.බී.සී සිංහල සංදේශයටය. දයාසිරි ජයසේකර ඇමැතිවරයා ද මීට සමාන අදහසක් මීට පළ කරමින් සිටියද දේශපාලනික වශයෙන් ආණ්ඩුව සමග සන්ධානගතවීමෙන් පසු ඒ හf`ඩ් තීව්‍රතාව අඩුව ගියේය. කෙසේ වෙතත් නලින්ද ජයතිස්ස බී.බී.සීයට තම නිගමනය දක්වා තිබුණේ ප්‍රහාරය පමණක් නොව එයින් පසු ඒ ගැන සෙවීමට ආණ්ඩුවේ විමර්ශන යාන්ත්‍රණ කටයුතු කළ ආකාරයේ සැකකටයුතු අවස්ථා ද උපුටා දක්වමිනි.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ ලෝක දැක්මෙහි චීනය සම්බන්ධයෙන් ඇත්තේ අවම විවේචනයක් බව ද ඒ සමගම කිව යුතුය. ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ලංකාගමනය සම්බන්ධයෙන් වීදි විරෝධතා පවත්වන තැනක සිටි ජ.වි.පෙ චීනයේ ආණ්ඩු පක්ෂයේ නායකයන් පැමිණෙද්දී එවැනි විරෝධතා කළේ නැත. මේ තත්ත්වය මත ලෝක බලවතුන්ගේ බලපෑමට ලංකාවේ ආණ්ඩුව පමණක් නොව දේශපාලන පක්ෂ පවා නතුව ඇතිද යන්න ගැන දේශපාලන විචාරකයෝ සැක පළ කරති.

කෙසේ වෙතත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාව සම්බන්ධයෙන් නැවත සාකච්ඡාව ආරම්භ වීමට ඇත්තේ තවත් කෙටි කලෙකි. 2015 ඉදිරිපත් කළ යෝජනාවේම දිගුවක් හැටියට පැමිණෙන්නට නියමිත මෙම සාකච්ඡාවේදී නව රාජපක්ෂ ආණ්ඩුවේ මිලිටරිමය ස්වරූපය ගැන වැඩි අවධානයක් යොමුවනු ඇත. මේ නිසා චීනය, ඉන්දියාව, පාකිස්ථානය ආදී කලාපීය මිතුරන් ඇසුරෙහි ආරක්ෂාව සෙවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව උත්සාහ කරනු ඇතැයි ද සිතිය හැකිය. එහිදී ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිමය එළඹීම ද වැදගත් සාධකයකි. විශේෂයෙන්ම චීනයට එරෙහිව ගොඩනැගී ඇති ඉන්දු, ඇමෙරිකා, ජපාන, ඕස්ටේ්‍රලියා ප්‍රමුඛ ලෝක සන්ධානයේ ක්‍රියාකාරිත්වය ලංකාවේ විදෙස් පිළිවෙතට සෘජුවම බලපෑමක් කරනු ඇත.

RECENT ARTICLES - SINHALA

Breaking : තැපැල් ඡන්ද යළිත් කල් යයි

0
පළාත් පාලන මැතිවරණ⁣යේ තැපැල් ඡන්දය දැනට නියම කර ඇති දිනවල නොපැවැත්වෙන බව, මැතිවරණ කොමිසම නිවේදනය කරනවා. පළාත් පාලන මැතිවරණය...

ශ්‍රී ලංකන්, හිල්ටන්, ලිට්‍රෝ විකුණා දැමීමට අනුමැතිය..!

0
2023 මාර්තු 13 වැනි දින එළැඹුණු කැබිනට් තීරණයකට අනුව ව්‍යවසායන් කිහිපයක රජය සතු කොටස් ඉවත් කිරීමට තීරණයකට එළැඹ ඇති බව මුදල් අමාත්‍යවරයාගේ...

ඩයනාගේ නඩුව ගැන අධිකරණයෙන් CIDයට නියෝගයක්

0
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවයට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලකවරයාගෙන් සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන...

RECENT ARTICLES - ENGLISH

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...

Trump wants to be handcuffed for court appearance in Stormy Daniels case,

0
Donald Trump has told advisers that he wants to be handcuffed when he makes an appearance in court, if he is indicted...