තුර්කි හමුදා විසින් IS සංවිධානයේ ප්‍රධානියා බවට සැක කෙරෙන නායකයා ඝාතනය කර තිබෙනවා.
මොහු උතුරු සිරියාවේ ජන්දරිස් නගරයේ දී ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් තුර්කි ජනාධිපති රිසෙප් ටායිප් අර්ඩොගන් කියා සිටියේ එරට බුද්ධි අංශ විසින් එල්ල කළ ප්‍රහාරයකින් වත්මන් IS නායකයා ලෙස සැලකෙන අබු හුසේන් අල් කුරේෂි සිරියාවේදී ඝාතනය කළ බවයි.