33 C
Colombo
Friday, May 3, 2024

ලිට්රෝ ගෑස් පුපුරනවද..? – සමාගමෙන් පැහැදිළි කිරීමක්

- Advertisement -

සිය සමාගම සහ රජය අපහසුතාවට පත්කිරීමේ උත්සාහයක් ඇතැම් පාර්ශවයන් දරන බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ වෙළෙඳ හා අළෙවි අධ්‍යක්‍ෂ ජනක පතිරත්න මහතා පවසනවා.

ඒ, කොළඹ පැරණි තුරඟ තරග පිටිය පරිශ්‍රයේ පිහිටි ප්‍රධාන පෙළේ ආපනශාලාවක පසුගියදා සිදුවූ පිපිරීම සහ ගිනිගැනීමේ සිද්ධියත් සමඟ ගෑස්වල ප්‍රමිතිය ගැන එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පැහැදිළි කිරීමට කොළඹදී ඊයේ (24) දින විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්,

එල්.පී. ගෑස්වල ප්‍රමිතිය පිළිබඳව ඇතැම් පාර්ශවයන් කරන සියලුම ප්‍රකාශ සාව්‍ය මෙන්ම ජනතාව බියගැන්වීමේ අරමුණින් සිදු කරන බවයි ඔහු පවසන්නේ.

ලිට්‍රෝ ගෑස් සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිලියන 6 කට ආසන්න ප්‍රමාණයක් ජනතාව අතර මේ වන විට තිබෙන බව පැවසූ ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ වෙළෙඳ හා අළෙවි අධ්‍යක්ෂකවරයා එම සියලුම ගෑස් සිලින්ඩර ඉහළ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නිකුත් කර ඇති බව ද සඳහන් කළේ.

ලංකා ගෑස් සමාගම සහ ෂෙල් ගැස් සමාගම යන සමාගම් ලෙස වර්තමාන ලිට්‍රෝ ගෑස් සමාගම පැවැති කාලයේ සිට වසර 150 කට ආසන්න කාලයක් ජනතා විශ්වාසය තබාගෙන වෙළෙඳපොළට ගෑස් නිකුත් කරන බවත් සඳහන් කළ වෙළෙඳ හා අළෙවි අධ්‍යක්‍ෂවරයා කිසිඳු බියක් නොමැතිව ගෑස් පරිභෝජනය කරන ලෙස වගකීමෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද කීයා සිටියා.

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සුරක්‍ෂිතා අධ්‍යක්‍ෂ, රසායනික හා ක්‍රියාදාම ඉංජිනේරු ජයන්ත බස්නායක මාධ්‍ය හමුවේදී පැවසුවේ ශ්‍රී ලංකාවේ කර්මාන්ත සහ ගෘහස්ථ යන දෙකටම එකම වායු සංයුතිය භාවිතා කරන්න බවත් ගෑස් සිලින්ඩරය සමඟ සම්බන්ධ කරන සෙසු උපාංගවල දෝෂයක් නිසා ගෑස් කාන්දු වීමෙන් ගෑස් වාතයේ බරට වඩා ඝනත්වයෙන් වැඩි නිසා කාන්දුවීමකදී පොළව මට්ටමේ දීර්ඝකාලයක් එකතු වුණහොත් ගිනිගන්නා සු`ඵ ප්‍රභවයක් එකතු වීමෙන් ගිනිගැනීමක් හෝ පිපිරීමක් වියහැකි බවයි.

ගෑස්වල පීඩනය මෙන් හය ගුණයක් දරාගැනීමේ හැකියාව සිලින්ඩරය සතුව තිබීම නිසා සිලින්ඩරයේ පිපිරීමත් ඉතාමත් කළාතුරකින් සිදුවිය හැකි බව කී සුරක්‍ෂිතා අධ්‍යක්‍ෂවරයා සිලින්ඩරයට පීඩනය දරාගැනීමට නොහැකිවුණොත් සිලින්ඩරයේ තිබෙන ආරක්‍ෂිත වෑලයයෙන් වැඩිවෙන හෝ වෙනස් වන පීඩනය ඉවත් කරන අතරම ගෘහස්ථ සිලින්ඩරයේ පීඩනය රෙගියුලේටරයක් සමගින් අඩු කරන බවයි.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ එස්.එල්.එස්. 712 ප්‍රමිතයට අනුව ප්‍රෙපේන් සහ බියුටේන්වල අනුපාතය ශ්‍රී ලංකාවේ දේශගුණය පිළිබඳව සළකා තීරණය කරන බවත් එම අනුපාතය රටින් රටට වෙනස් වන අතරම වර්තමානයේ ශ්‍රී ලංකාවේ එහි කිසිම වෙනස් කර නොමැති බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේ.


RECENT ARTICLES - SINHALA

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

හොර ඖෂධ ගනුදෙනු ගැන අල්ලස් කොමිසමෙන් අනාවරණයක්

පසුගිය කාලයේ සිදුවූ ආන්දෝලනාත්මක ඖෂධ මිලදී ගැනීම් සම්බන්ධ විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසනවා. එම කොමිසම සඳහන් කළේ, දැනට...

සා. පෙළ අපේක්ෂකයින්ට හැඳුනුම්පත් කාර්යාලයෙන් දැනුම්දීමක්

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හෙට (04) දිනයේත් විවෘත බව එම දෙපාර්තමේන්තුව පවසනවා. සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් හෙට...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...