25 C
Colombo
Sunday, May 19, 2024

සිනමා ගමනාන්තයක් වෙන ලංකාව?

- Advertisement -

සිනමා ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.

ඉන්දියානු සිනමාව මෙරට තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් මේ වනවිටත් ආරම්භ කර ඇති බව එහි සභාපති චාලක ගජබාහු මහතා සඳහන් කළා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් චාලක මහතා එම අදහස් පළ කර සිටියා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති චාලක ගජබාහු මහතා,

“ඉන්දීය සිනමාව කියන්නේ ලෝකයේ තියෙන ලොකුම සිනමා ව්‍යාපෘතිය. අපේ ඇත්තටම ඕනේකම තියෙන්නේ ඉන්දියන් සිනමා කර්මාන්තය අවුරුද්දකට 2,000ට වැඩිය ටීවි ශෝස් හදනවා දැන් ඕටීටී ප්ලැට්ෆෝම්වල, නෙට්ෆිලික් ද ප්‍රයිම ද, ඩිස්නිවල ද ඔක්කොම දැන් ඉන්දියන් ටීවි පවා ගිහිල්ලා තියෙනවා ලෝකේ හතර වටේ ගෙනියන්න. අපි එහා පැත්තේ ගෙදර වෙලා… ලංකාව කියන්නේ ස්ටුඩියෝ එකක්. මේ දූපතක් වුණාට ගොඩක් අය හිතන් ඉන්නේ ලංකාවේ තියෙන්නේ ‘සන් ඇන්ඩ් සී’ ඒ කියන්නේ මුහුද විතරයි කියලා. ඒක අපි වෙනස් කරන්න ඕනේ. ඔක්කොම බැලුවාම ඔක්කොම ඇතුළේ තියෙන්නේ ටැබ්ලට් එකක්. මේක ගැහුවාම ඔක්කෝම ඇඟට දාගන්න පුළුවන්. මුහුද ද සර්ෆින් ද මේ වගේ ඔක්කොම තියෙනවා. ඇයි ලංකාව මූවී ස්ටුඩියෝ එකක් වෙන්න බැරි? පුළුවන්. ඉන්දියන් සිනමාව එකතු වුණාම ඉන්දියන් සිනමා තරු ලංකාවට ආවාම. ශාරුක් ඛාන් හරි සල්මන් ඛාන් හරි ගහක් යට නැටුවොත් හරි මුහුදකට ගිහිල්ල නැටුවොත් ඉන්දියක් සංචාකරයෝ 1,000 ගණන් ලංකාවට එනවා.”

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...