32 C
Colombo
Tuesday, May 7, 2024

ආණ්ඩුවට සල්ලි නැති වුනාට කමක් නැහැ, ඡන්දේ තියන්න – පකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය

- Advertisement -

පකිස්ථාන රජය මුදල් නොමැති බව පැවසුව ද , දින 90 ක් තුළ පළාත් 4 න් 2 ක මැතිවරණය පැවැත්විය යුතු බවට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

3න් 2ක බෙදුණු තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් මෙම නියෝගය නිකුත් කරනු ලැබ ඇත්තේ, අගවිනිසුරු උමාර් අටාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින්.

ඒ අනුව පන්ජාබ් පළාත සහ කයිබර් පක්තුන්ක්වා පළාතට අදාළව අදාළ නියෝගය නිකුත් කර තිබෙනවා.

මිලියන 214 ක් වන සමස්ත පකිස්ථාන ජන ගහනයෙන් මිලියන 110ක ජනතාවක් ජීවත්වන පන්ජාබය එරට විශාලතම පළාතයි.

මිලියන 35ක් සහිත ජනගහනයක් සහිත කයිබර් පක්තුන්ක්වා පළාත එරට තුන්වන විශාලතම පළාතයි.

පකිස්ථාන ජනාධිපති අරීෆ් අල්වි මහතා පසුගිය පෙබරවාරී 21 වනදා අප්‍රේල් මස 09 වැනිදා අදාළ පළාත් දෙකේ මැතිවරණය පැවැත්වීම සඳහා ඒකමතික තීන්දුවක් ගනු ලැබුවේ, මැතිවරණ කොමිසමේ ඡන්ද කල්තැබීමේ උත්සාහයද නොතකමින්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මැතිවරණ කොමිසමේ බලය අභිබවා යමින් පාකිස්ථාන ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි.

පාකිස්ථානයේ ප්‍රාන්ත මැතිවරණ පැවැත්වීම පසුගිය සමයේ දිගින් දිගටම කල් ගොස් තිබුණේ ඊට ප්‍රමාණවත් මුදල් නොමැති බවට මුදල් අමාත්‍යාංශය මැතිවරණ කොමිසමට දැනුම්දීමත් සමගයි.

පාකිස්ථාන මැතිවරණ කොමිසම ප්‍රකාශ කර තිබුණේ මෙම ප්‍රාන්ත දෙකෙහි මැතිවරණය පැවැත්වීම සඳහා පාකිස්ථාන රුපියල් බිලියන 15ක මුදලක් අවශ්‍ය බවයි.

එරට මුදල් අමාත්‍යංශය පවසා තිබුණේ පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙම මුදල් ලබා දිය නොහැකි බවයි.

RECENT ARTICLES - SINHALA

ෆවුසිගේ පුත්‍රයා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතාගේ පුත්‍රයාව කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,රිය අනතුරක් සිදුකර අනතුරට ලක්වූ මාර්ගයේ ගමන්කළ පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. කොල්ලුපිටිය පාසල් මාවත...

ජනාධිපතිවරණය තියන්න අපි දැනටමත් තීරණය කරලා ඉවරයි – ප්‍රසන්න

ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය මිස මේ වසරේ වෙනත් මැතිවරණයක් නොමැති බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා. එහෙත්...

වෙල්ගම අසනිපෙන්

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට මාස තුනක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද (7) අනුමත කර තිබෙනවා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වෙල්ගම මහතාටමාස...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...