27 C
Colombo
Wednesday, April 23, 2025

මිනිස්සුන්ට කන්න නැහැ කියන්නේ බොරුවක්..!

- Advertisement -

විපක්ෂය කෙසේ පැවසුවද රට තුල කන්න නොමැති තත්වයක් නොමැති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඒ, කොළඹ හොරණ 120 මාර්ගයෙහි අලුතින් ඉදි කරනු ලබන පාමංකඩ පාලම ඉදි කිරීම නිසා එම ස්ථානයේ තිබූ නිවාස අහිමි වූවන් වෙනුවෙන් නව නිවාස ලබා දීම සඳහා රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් පාමංකඩ මංසන්ධියේදී පැවති උත්සවයෙන් අනතුරුව මාධ්‍ය අමතමින්.

කොතෙක් ඉන්ධන මිල වැඩි කළද එක වහනයක් හෝ අඩුවෙන් ධාවනය නොවන බවයි ඔහු පවසන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

”අද බැලුවොත් සිමෙන්ති ප්‍රශ්නයක් තිබෙනවා. ලංකා ඉතිහාසයේ වැඩිම ඉදිකිරීම් සිදුවෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලෙන් පස්සේ මේ යුගයේ. වැඩියෙන් මහා මාර්ග ඉදිවෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලෙන් පස්සේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාලේ. පුද්ගලික අංශයේ වැඩියෙන්ම ගොඩනැගිලි හැදුනේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ. අද ඊටත් වැඩියෙන් හැදෙනවා. ඒ නිසා ඉල්ලුම වැඩිවෙලා තියෙනවා. විපක්ෂයට මේ හැම දෙයක්ම කටු අනිනවා වගේ.

පාරක් හැදෙනවා දැක්කම ඔවුන් හරියට දුක්වෙනවා ඔවුන්ගේ කාලයේ හදාගන්න බැරි වුණ එකට. මහින්ද මහත්තයා හදල දුන්න චීනයට විතරක් දෙවෙනි වෙච්ච ආර්ථික වර්ධනය වේගයවත් තියාගන්න බැරි වුණා. කොහොමද මේ දේශපාලනවත් නොකරපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඇවිල්ලා මේ හැම දෙයක්ම කරන්නේ කියල ඔවුන්ට හරි දුකක් තියෙන්නේ.”

RECENT ARTICLES - SINHALA

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

පාසලට ඇතුල්කරන විට වෙන අසාදාරණ අපිට කියන්න-හරිනි

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවා.  පාසලකට ඇතුලත් කිරීමේදී අසාධාරණයක් සිදුවන්නේ නම්...

POPULAR ARTICLES

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

කොළඹ කොටස් වෙළඳපොල පහළට

කොළඹ කොටස් වෙළඳපොල සියලු කොටස් මිල දර්ශකය අද (23) ඒකක 11.87 කින් පහළ වැටුණා. ඒ අනූව ඒකක 15,543.99 ලෙසයි සටහන් වුණේ. මේ හේතුවෙන් වාර්තා වන පිරිවැටුම...