33 C
Colombo
Sunday, May 5, 2024

වෙනස කරන්න ප්‍රමාද නෑ – ගෝඨාභය

- Advertisement -

 වෙනස සිදුකිරීමට තවමත් ප්‍රමාද නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (09) පස්වරුවේ පැවති ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 2021 උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමින්.

රට සීඝ්‍රයෙන් දියුණු වී අනාගතයේ සමෘද්ධිමත් ජාතියක් බවට පත්වීමට නම් ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ උසස් අධ්‍යාපන ව්‍යුහයේ පුළුල් වෙනසක් බවත් ජනාධිපතිවරයා පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“අපේ රටේ අධ්‍යාපන ක්‍රමය වර්තමාන ලෝකයේ අවශ්‍යතාවලට අනුගත වී නොමැති බව නොරහසකි.දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පසුපසට ගෙන ගිය මෙම ආකල්පය මට තේරුම් ගත නොහැකියි. ශ්‍රී ලංකාවේ සාමන්‍යයෙන් ලබාදෙන අධ්‍යාපනයෙහි සහ 21 වැනි සියවසේ අප රට සංවර්ධනයවීමට අවශ්‍ය කරන කරුණු අතර නොගැලපීමක් තිබෙනවා. විශේෂයෙන්ම, අපේ තෘතීයික අධ්‍යාපන ක්‍රමයේ අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ විය යුතු බවට මා නිරන්තරයෙන් ඉල්ලා සිටියේ මේ නිසා. විශ්වවිද්‍යාල සිසුන් කුමන උපාධි පාඨමාලාවක් හැදැරුව ද, ඔවුන් සියලු දෙනාම අවම වශයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ යම් ප්‍රවීණතාවයක් ලබාගෙන උපාධි ලබා තිබිය යුතු බවට මම තරයේ විශ්වාස කරනවා.”

“අවම වශයෙන් ඔවුන්ට පරිගණකයක් සමග වැඩ කිරීමේ යම් අත්දැකීමක් ලබාගැනීමට අවස්ථාවත් තිබිය යුතුයs. වර්තමාන ලෝකය ජයගැනීමට අවශ්‍ය අනෙකුත් නිපුණතා ලබාගැනීමට ඔවුන්ට අවස්ථාව තිබිය යුතු තීක්ෂණ චින්තනය, ව්‍යවසායකත්වය සහ ඉංග්‍රීසි භාෂා කුසලතා ද එයට ඇතුළත්.”

“මෙම ප්‍රතිසංස්කරණවලින් කිහිපයක් දැනටමත් අපගේ විශ්වවිද්‍යාල විසින් ක්‍රියාවට නංවා ඇති අතර, ලබන වසරේ තවත් ප්‍රතිසංස්කරණයන් හඳුන්වාදීමට නියමිතයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සම්බන්ධයෙන් ඊටත් වඩා විශාල ගැටලුවක් වන්නේ එහි ඇති ධාරිතා සීමාවයි.”

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...