26 C
Colombo
Tuesday, May 7, 2024

ජනපතිගෙන් මුදල් ප්‍රතිපාදන ගත්ත එක වරදක් නෙමෙයි – ප්‍රසිද්ධ වුණේ අපි විතරයි තව අය ගත්තා – කවින්ද ජයවර්ධන

- Advertisement -

ජනාධිපතිවරයා හරහා මන්ත්‍රී ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 69 කට ආසන්න මුදලක් ලබා ගත් සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන අන්තර්ජාල නාලිකාවක් ඔස්සේ සාකච්ඡාවකට එක්වෙමින් ඒ සම්බන්ධ කරුණු හෙළිකර තිබෙනවා.

එහි දී ඔහු පෙන්වා දී ඇත්තේ අදාළ මුදල් ප්‍රතිපාදන විමධ්‍යගත අරමුදලින් මන්ත්‍රීවරුන් සඳහා වෙන් කරන ඒවා බවයි.

තමන් පමණක් නොව තවත් මන්ත්‍රී කණ්ඩායමක් ද මෙලෙස මුදල් ලබාගෙන ඇති නමුත් තමන් ඇතුළු කීපදෙනෙකුගේ නම් පමණක් උලුප්පා දක්වමින් ඇතැම් පිරිසක් දේශපාලන ගැටුමක් නිර්මාණය කිරීමට උත්සාහ කරන බවද ඔහු මෙහිදී සඳහන් කර තිබෙනවා.

තමන්ට රනිල් වික්‍රමසිංහ හමුවීමට කිසිදු බාධාවක් නොමැති බවත් තමා කැමති ඕනෑම මොහොතක ඔහු හමුවන බවත් පැවසූ කවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා පසුගිය මහ සිකුරාදා දිනයේදී කොළඹ පිහිටි කාමර දෙකකින් සමන්විත තම කුඩා අපාර්ට්මන්ට් එකේ රාත්‍රී සාදයකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැමිණි බවද පිළිගනු ලැබුවා.

එම සාදය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ආරාධනා කර තිබුණද ඔහු වෙනත් කටයුත්තක් හේතුවෙන් ඊට සහභාගි නොවූ බවද කවින්ද ජයවර්ධන මෙම සාකච්ඡාවේදී සඳහන් කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හය දෙනෙකු සඳහා විමධ්‍යගත අරමුදලින් රුපියල් කෝටි 32කට අධික මුදලක් ජනාධිපතිවරයාගේ මැදිහත් වීම මත වෙන් කිරීම සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන අභ්‍යන්තරයෙහි උණුසුම් කතාබහ නිර්මාණය වී තිබෙනවා.

අදාළ සාකච්ඡාව පහලින්.

RECENT ARTICLES - SINHALA

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...