27 C
Colombo
Friday, April 19, 2024

එන්නත් මදි බව කියූ නිසා මාතර රෝහලේ උණුසුම් තත්ත්වයක් (වීඩියෝ)

- Advertisement -

කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අය සඳහා දෙවන මාත්‍රාව ලබාදීම මාතර මහ රෝහලේ දී ඊයේ (02) සිදු කෙරුණා.

කෙසේ වෙතත් එන්නත් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පිරිසක් හරවා යැවීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කිරීමත් සමඟ එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගත්තා.

ඊට හේතුවී ඇත්තේ පසුගිය ජූලි මස 24 සිට 30 දක්වා කාලසීමාව තුළ පළමු මාත්‍රාව පුද්ගලයින් 11,500 කට ලබාදී තිබූ අතර දෙවන මාත්‍රාව ලෙස ලබාදීමට ඊයේ දිනය වන විට ලැබී තිබී ඇත්තේ එන්නත් 6500 ක් පමණක් වීමයි.

මේ හේතුවෙන් ජූලි මස 24, 25 සහ 26 දිනවලදී එන්නත් ලබාගත් පිරිස් වෙත පමණක් එන්නත ලබාදීමට තීරණය කර අනෙක් පිරිස හරවා යැවීමට මාතර රෝහල් බලධාරීන් කටයුතු කර තිබෙනවා.

එමෙන්ම එම දින තුන තුළද එන්නත් ලබාගත් පිරිසෙන් කොටසකටද එන්නත් හිඟවී හරවා යැවීමට උත්සාහ කිරීම නිසා ගැටළුව තවත් වර්ධනය වූ බව අප මාතර වාර්තාකරු සදහන් කළා.

මෙම එන්නත් හිඟයේ සිදුවීම රූගත කිරීම නිසා රෝහල් ආරක්ෂක අංශයේ පුද්ගලයෙකු විසින් එම මාධ්‍යවේදියාට බැනවැදුණා.

කෙසේවෙතත් පසුව එම ස්ථානයට පැමිණි රෝහල් වෛද්‍යවරයෙකු විසින් එම සිදුවීම සම්බන්ධයෙන් තමන් කණගාටුව පලකරන බව ප්‍රකාශ කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක්

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇති බව කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. කොළඹ මහ...

විදේශිකයෙකුට වැඩි මුදලට ආහාර විකිණූ තවත් අයෙක් අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ ආපනශාලාවකදී විදේශීය ජාතිකයෙකු නොමඟ යවමින් අධික මිලකට උළුඳු වඩයක් සහ තේ කෝප්පයක් විකිණීමේ සිද්ධියට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (18)...

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාවතගම පොලිස් ස්ථානයට අනුයුක්තව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...