27 C
Colombo
Tuesday, May 21, 2024

වැඩවර්ජන, උද්ඝෝෂණ කරන අයට පොලු පූජාව දෙන්න කාලය හරි – තිස්සකුට්ටි

- Advertisement -

වැඩවර්ජන, උද්ඝෝෂණ ජ්කරන අයට ‘පොලු පූජාව’ දීමටེ කාලය එළැඹ ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පවසනවා.

ඒ, ඊයේ (08) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

අනුර කුමාරට බිත්තර පූජාවක් සහ විජිත හේරත්ට ගල් පූජාවක් ලබා දුන් අයුරින්ම මෙම පොලු පූජාව ලබාදිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

වැඩවර්ජන පිටුපස සිටින වෘත්තීය සමිති නායකයන් දේශපාලන මතයක් සහිතව ක්‍රියාකරන්නන් බවත් ඊට සහය නොදක්වන ලෙසට සෑම රාජ්‍ය සේවකයෙකුටම දැනුම් දී සිටින බවත් ඔහු පවසනවා.

“ඉතින් ඒ නිසා මම ආදරණීය රටේ ජනතාවටත් මතක් කරනවා දැන් අනුර කුමාර දිසානායකටත් අනුන්ට කළ දේ තමන්ට පළ දේ කියන සංකල්පය තුළ ඉඳගෙන අනුර කුමාර දිසානායක මහත්මයාට බිත්තර පූජාව ලැබුණා. ඒ වගේම තමයි විජිත හේරත් සහෝදරයාට ගල් පූජාව ලැබුණා. ඒ නිසා මම රටේ ජනතාවට මතක් කරනවා දැන් මේ උද්ඝොෂණය කරන අයට පොලු පූජාව දෙන්න අවස්ථාව ඇවිල්ලා තියෙන්නෙ”

RECENT ARTICLES - SINHALA

ඉරාන ජනපතිගේ අනතුරට අමෙරිකාවට චෝදනා

ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිසට මරු කැඳ වූ හෙලිකොප්ටර් අනතුර සම්බන්ධයෙන් ඉරානයේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු අමෙරිකාවට චෝදනා කර තිබෙනවා. ඉරානයේ හිටපු විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයෙකු වන...

ට්‍රැක්ටරයක් පෙරලී සිසුවෙක් මරුට.පහක් රෝහලට

මුලතිව් පුදුකුඩියිරිප්පු ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් පෙරැළී අවුරුදු 16 ක සිසුවෙක් මියගොස් තවත් පුද්ගලයින් පස් දෙනකු බරපතල තුවාල ලබා ඇති බව පුදුකුඩියිරිප්පු පොලිසිය සදහන් කරනවා. වට්ටප්පලේ...

ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණිය පිටාර මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් ඉදිරි පැය 48...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...