29 C
Colombo
Saturday, May 4, 2024

ඉතාලිය යූරෝ කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

- Advertisement -

යූරෝ කුසලාන තරඟාවලියේ තවත් අර්ධ අවසන් පූර්ව වටයේ තරඟයක් බෙල්ජියම සහ ඉතාලිය අතර පැවැත්වුණා.

ඉතාලිය යූරෝ කුසලාන තරඟාවලියක අර්ධ අවසන් පූර්ව වටයට අඛණ්ඩව පිවිසි සිව්වන අවස්ථාව මෙයයි.

තරඟයේ 13 වන මිනිත්තුවේදීම ගෝලයක් වාර්තා කරන්නට Leonardo Bonucci සමත් වුවද VAR හෙවත් වීඩියෝ තාක්ෂණික සහය ලබාගත් පිටියේ ප්‍රධාන විනිසුරු එය off side ගෝලයක් ලෙස තහවුරු කරගත්තා.

Nicolo Barella තරඟයේ 31 වන මිනිත්තුවේදී ගෝලයක් ලබා ගනිමින් ඉතාලිය 1-0ක් ලෙස පෙරමුණට රැගෙන ආවා.

44වන මිනිත්තුවේදී යළි ක්‍රියාත්මක වූ Lorenzo Insigne ඉතාලිය වෙනුවෙන් දෙවන ගෝලයත් වාර්තා කළේ අවසන් පූර්ව වටය පිළිබඳ වැඩි බලාපොරොත්තු ගොඩනඟමින්.

47වන මිනිත්තුවේදී ලැබුණු දඬුවම් පහර සාර්ථක කරගත් Romelu Lukaku පළමු අර්ධය නිමාවන විට බෙල්ජියමට යම් සහනයක් ගෙනදුන්නා.

දෙවන අර්ධය තුළ ඉතාලියට ගෝල රැස්කිරීමට අවස්ථාව නොදුන්ද ගෝල වාර්තා කිරීමට තමන්ද අපොහොසත් වීම හේතුවෙන් බෙල්ජියමේ යූරෝ කුසලාන පාපන්දු සිහිනය අර්ධ අවසන් පූර්ව වටයේදීම බිඳවැටුණා.

සිය ජාත්‍යන්තර තලයේ අත්දැකීම් අපූරුවට යොදා ගනිමින් තරඟය කලමණාකරණය කරගනිමින් 2-1ක් ලෙස තරඟය ජයගත් ඉතාලිය අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගත්තා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...