28 C
Colombo
Sunday, May 5, 2024

ජපානය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ රැස්වීමක් සංවිධානය කරයි

- Advertisement -

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා ණය දෙන ජාතීන්ගේ රැස්වීමක් පිහිටුවීමේ පෙරමුණ ගැනීමට ජපානය සූදානම් වන බව Nikkei පුවත් සේවය වාර්තා කරයි.
ජපානය, ඉන්දියාව, ප්‍රංශය සහ අනෙකුත් ණය දෙන්නන් බ්‍රහස්පතින්දා මෙම සැලැස්ම ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වන බව පුවත් වාර්තාවේ සඳහන්.

ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නා වන චීනයට ද ආරාධනා කෙරෙන බව Nikkei වාර්තාවේ සඳහන්.
ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපයේ ඉහළ පොලී අනුපාත මගින් අර්ධ වශයෙන් උග්‍ර වූ මධ්‍යම ආදායම් ලබන ජාතීන්ගේ ණය ගැටලු විසඳීම සඳහා මෙම සැකසුම පූර්වාදර්ශයක් ලෙස ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ජපාන මුදල් අමාත්‍ය Shunichi Suzuki මෙන්ම ඉන්දියාවේ සහ ප්‍රංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ණය හිමියන්ගේ රැස්වීමේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීමට නියමිතයි.
ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අන්තර්ජාලය හරහා ඊට සහභාගී වීමට නියමිත බව සඳහන්.

ඊට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර සංවිධාන මෙන්ම පෞද්ගලික අංශය ද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සඳහා සහභාගි වනු ඇති.
පළමු රැස්වීමේ වේලාව අදාළ පාර්ශවයන් විසින් සම්බන්ධීකරණය කරන ඇති බව Nikkei වාර්තා කළා.
කොරෝනා වෛරස් වසංගතයත් සමග ගෝලීය සංචාර නැවැත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රධාන විදේශ විනිමය ප්‍රභවයක් වන සංචාරක ආදායම පහත වැටුණා.
එය නිදහසින් පසු ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට රට ඇද දැමීමේ ප්‍රබල සාධකයක් ලෙස සැලකෙනවා.
එමෙන්ම රට තුළ පැවති දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් විදේශ ප්‍රේෂණ ලැබීම්ද ඉතිහාසයේ අඩුම අගයන් දක්වා පහත වැටීමක් පෙන්නුම් කළා.
උද්ගත වූ ආර්ථික අර්බුදකාරී වාතාවරණය හමුවේ චීනය සහ අනෙකුත් රටවලින් ණයට ගත් යටිතල පහසුකම් අරමුදල් ආපසු ගෙවීමට නොහැකි වූ අතර, පසුගිය මැයි මාසයේදී ශ්‍රී ලංකාව ණය පැහැර හැරි රටක් බවට ඉතිහාසයේ පළමුවරට වර්ග කෙරුණා.
පසුගිය ජුනි මාසය වන විට ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණයවලින් 52% ක් චීනය සතු වුණා.
ජපානය දෙවන විශාලතම ණය දෙන්නා වූ අතර, 20%ක් ද ඉන්දියාව 12%ක් සහ ප්‍රංශය 3%ක් වශයෙන් ශ්‍රී ලංකාවේ ණය බර බෙදී යනවා.
ශ්‍රී ලංකාවේ ණය අඩු කිරීමට හෝ ණය සහන සැලසීමට චීනය මුලසිටම දැඩි අකමැත්තක් සහ එම ක්‍රියාවලිය තුල දැඩි මන්දගාමී පිළිවෙතක නිරත වීම කැපී පෙනුණා.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය බොහෝ සෙයින් ප්‍රමාද වී තිබෙනවා.
කෙසේ වෙතත්, ඉදිරි මාසවලදී ශ්‍රී ලංකාව සඳහා ණය සහන ක්‍රියාත්මක කරන බවට චීනය මාර්තු මාසයේදී සහතිකයක් ලබා දුන් අතර, එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් තීරණාත්මක ඇමෙරිකානු ඩොලර් ඩොලර් බිලියන 2.9 විස්තීරණ ණය පහසුකම ලබා ගැනීමට ඉඩ සලසනු ලැබුවා.

2032 වන විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 95ට වඩා අඩු කර ගැනීම සහ 2027 -2032 දක්වා කාලය තුල මධ්‍යම රජයේ දළ මූල්‍ය අවශ්‍යතා දල දේශිය නිෂ්පාදිතයෙන් සියයට 13ක මට්ටමේ පවත්වා ගැනීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉලක්ක කර ඇති ණය තිරසර තක්සේරුවට ඇතුලත්.
2023 ජනවාරි 16 වැනි දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා වෙත යොමු කළ සිය ලිපියෙන් ඉන්දියාව පැහැදිලි කළේ කිසිදු අමතර කොන්දේසියකින් තොරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ පැරිස් සමාජය විසින් ණය තිරසාර විශ්ලේෂණයට පූර්ණ සහාය දෙන බවයි.
කෙසේ වෙතත්, මෝදි ආන්ඩුව, ශ්‍රී ලංකා බලධාරීන් සියලුම වාණිජ ණය හිමියන්ගෙන් සහ අනෙකුත් නිල ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් සාධාරණ ණය සහන ලබා ගත යුතු බව මෙන්ම බහුපාර්ශ්වික සංවර්ධන බැංකුවලින් ප්‍රමාණවත් මූල්‍ය දායකත්වයක් ලබා ගත යුතු බව ද අවධාරණය කළා.
ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කිරීම සහ පොලී අනුපාත අඩු කිරීම හෝ ඒ හා සමාන මූල්‍ය/ණය සහන ලබා දෙන වෙනත් මූල්‍ය මෙහෙයුම් හරහා මධ්‍යම හා දිගු කාලීන ණය සහන සඳහා පැරිස් සමාජය සමඟ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අඛණ්ඩ සාකච්ඡා කිරීමට කැප වන බවද ඉන්දියාව සිය ලිපියෙන් දන්වා තිබෙනවා.
එ් අනුව ඉන්දියාව සහ ජපානය එක්ව සංවිධාන කරන බහුපාර්ශ්වික සාකච්ඡා සඳහා සහභාගී වන්නේද නැද්ද යන්න පිළිබඳව චීනය ගන්නා තීරණය දැන් කේන්ද්‍රස්ථානයක් වී තිබෙනවා.

කාර්මික සහ නැඟී එන වෙළෙඳපොළ ජාතීන්ගෙන් සැදුම් ලත් G20 සංවිධානය, 2020 දී, නැගී එන ආර්ථිකයන්හි ණය ගැටළු විසඳීම සඳහා පොදු රාමුවක් හඳුන්වා දෙනු ලැබුවා.
එම රාමුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් සංවිධානවල නායකත්වය යටතේ අර්ධ ණය සමාව සඳහා ඉඩ ලබා දෙනවා.
නමුත් එම පොදු රාමුවට ඇතුලත් වීම සඳහා අඩු ආදායම් ලබන රටවල් පමණක් සුදුසුකම් ලබනවා.
කොවිඩ් 19 වසංගතය සහ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම නිසා ඇති වූ මිල ඉහළ යෑම් වලින් නැගී එන ආර්ථිකයන් දැඩි වේදනාවක් අත්විඳිනවා.

ලෝක බැංකුව නවතම සංඛ්‍යාලේඛන අනුව, 2021 අවසානයේ නැඟී එන ආර්ථිකයන්ගේ විදේශ ණය බර ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 9ක් වන අතර එය වසර 10 කට පෙර පැවති මට්ටමට වඩා දෙගුණයකටත් වඩා වැඩිවීමක්.
ණය අර්බුදය අඩු ආදායම්ලාභී රටවල්වලින් ඔබ්බට ව්‍යාප්ත වී ඇති අතර, කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමෙන් පසු ණය පැහැර හරින ලද පළමු මධ්‍යම ආදායම් ලබන රට බවට ශ්‍රී ලංකාව පත් වුණා.
ජපානය හා ඉන්දියාව එක්ව ක්‍රියාවට නැංවීමට සැරසෙන නව රාමුව හරහා ශ්‍රී ලංකාවේ විදේශීය ණය ආපසු ගෙවීම පැහැර හැරීම විසඳන්නේ නම්, එය අනාගත ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ආදර්ශයක් වනු නොඅනුමානයි.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...