25 C
Colombo
Sunday, May 19, 2024

ලාංකිකයින්ට සිංගප්පූරුවේ රැකියා අවස්ථා

- Advertisement -

මෙරට පුහුණු හෙද හෙදියන්ට සිංගප්පූරුවේ රජයේ රෝහල්වල රැකියා සඳහා යොමු වීමට අවස්ථාව මේ වන විට හිමි වී තිබෙනවා.

සිංගප්පූරු රැකියා සඳහා සුදුසුකම් සම්පූර්ණ කර රැකියා ලැබූ පළමු කණඩායමට අයත් හෙද හෙදියන් 36 දෙනෙකුට ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් අද (12) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්‍රවනාගාරයේදී පැවැත්වුණා.

ඒ අනුව හෙද වෘත්තිය පිළිබඳ උපාධියක් හෝ ඩිප්ලෝමාවක් සහ සේවා පළපුරුද්දක් ඇති වෘත්තිකයින්ට මෙන්ම රජයේ හෙද පාසල්වල පුහුණුව ලබා සේවා පළපුරුද්දක් සහිත හෙදියන්ටද සිංගප්පූරු රජයේ රෝහල්වල හෙද වෘත්තිය සඳහා ප්‍රවේශ වීමට හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.

ගාස්තුවකින් තොරව එම රැකියා සඳහා ප්‍රවේශ වීමට අයදුම්කරුවන්ට අවස්ථාව ලැබෙන අතර අයදුම්කරුවන් සිංගප්පූරු රාජ්‍යයේ හෙද මණ්ඩලය විසින් පවත්වනු ලබන සුදුසුකම් ලැබීමේ පරීක්ෂණයෙන් සමත් විය යුතු අතර ඉන් සුදුසුකම් ලබන හෙද වෘත්තිකයින්ට වසර දෙකක ගිවිසුම් ගත කාලයක් සඳහා මසකට රුපියල් ලක්ෂ තුන හමාර සහ ලක්ෂ පහ අතර ආසන්න වැටුප් ලැබීමට හැකි බව අදාළ බඳවා ගැනීම් සිදුකරන මෙරට රැකියා නියෝජිත ආයතනය ප්‍රකාශ කර සිටිනවා.

රැකියා ලාභීන් එරටට ඇතුළු වු පසු එක් වරක් පමණක් ගෙවන සිංගප්පූරු ඩොලර් 1000ක මුදලක් සහ නවාතැන් සඳහා දීමනාවක් හිමිවන අතර ඒ සඳහා www.emeraldislemanpower.com යන වෙබ් අඩවියට පිවිසීම මගින් අයදුම් කළ හැකි බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

තත්පර 12න් ඩොලර් මිලියන 25ක් සොරකම් කරලා

තත්පර 12කින් ඩොලර් මිලියන 25ක් (පවුම් මිලියන20ක්) සොරකම් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ ඉගෙනුම ලැබූ සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා...