30 C
Colombo
Saturday, May 4, 2024

පාකිස්තානයේ ගංවතුරෙන් විපතට පත් වූ හින්දූන් ගැන වාර්තා කළ මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට

- Advertisement -

පාකිස්තානයේ සින්ද් පළාතේ පවතින ගංවතුර හේතුවෙන් සිරවී සිටින පාකිස්තාන හින්දු භක්තිකයින්ගේ දුක්ඛිත තත්ත්වය වාර්තා කළ බව කියන මාධ්‍යවේදියෙකු පාකිස්තාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගංවතුරෙන් විපතට පත් ජනතාව කියා සිටියේ විපතෙන් බේරීමට අවශ්‍ය මූලික සම්පත් තමන්ට අහිමි වූ බවයි.

සින්ද් හි මිර්පූර් මතෙලෝ හි භාග්‍රි ප්‍රජාවට අයත් පාකිස්තාන හින්දුන් පිළිබඳ ආවරණය කිරීම සම්බන්ධයෙන් පාකිස්තාන පොලිසිය පසුගියදා මාධ්‍යවේදී නස්රල්ලා ගඩානි අත්අඩංගුවට ගෙන දින 5 ක රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

හින්දු භක්තිකයන් වීම හේතුවෙන් ප්‍රාදේශීය පරිපාලනය විසින් භාග්‍රි ප්‍රජාවේ ජනතාව ගංවතුර සහන කඳවුරෙන් නෙරපා හැර ඇති බව මාධ්‍යවේදියා වාර්තා කළ බව මාධ්‍ය වාර්තා කළේය.

හින්දු සුළු ජාතීන්ට එරෙහිව පාකිස්තාන රජය සහ බලධාරීන් විසින් කරන ලද කුරිරුකම් හෙලිදරව් කරන වීඩියෝවක් ද සමාජ මාධ්‍යවල බහුලව පැතිර ගොස් තිබේ.

මිලියන 33 කට අධික ජනතාවකට බලපා ඇති ව්‍යසනකාරී ස්වභාවික ව්‍යසනය මධ්‍යයේ ජලය, ආහාර සහ නවාතැන් ඇතුළු මූලික සම්පත් නොලැබීම නිසා ගංවතුරෙන් විපතට පත් වූවන් හඬා වැලපෙමින් ඔවුන්ගේ දුප්පත් තත්ත්වය පැහැදිලි කරන අයුරු වීඩියෝවේ දැක්වේ.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...