33 C
Colombo
Monday, May 6, 2024

ප්‍රවෘත්ති අතරමැද නවතා, මාධ්‍ය හිමිකරුවන් සේවකයන්ට වැටුප් නොගෙවීම ගැන ලොවටම කී රූපවාහිනී නිවේදකයා

- Advertisement -

ජුනි 19 වෙනිදා සිම්බාබ්වේ හි KBN නාළිකාවේ රාත්‍රී සජීවි ප්‍රවෘත්ති විකාශය අතරතුර ප්‍රවෘත්ති නිවේදකයා හදිසියේ ප්‍රවෘත්ති කියවීම නතර කරනු ලැබුවා. ඒ වෙළඳ ප්‍රචාරක දැන්වීමකට යාමට නම් නෙවෙයි.

ප්‍රවෘත්ති කියවීම මොහොතකට නතර කළ ඔහු මාධ්‍ය නාළිකාව තමන් ඇතුළු සේවකයින්ට වැටුප් නොගෙවෙන බවට බරපතල චෝදනාවක් එල්ල කළා.එම තත්ත්පර කිහිපයේ ක්ෂණිකව සිදු වූ දෙයින් නරඹන්නන් පුදුමයටත් කම්පනයටත් පත් වුණා.”

නෝනාවරුනි මහත්වරුනි,අප ද මනුෂ්‍යයෝය.අපට ත් මුදල් ගෙවිය යුතුයි.අවාසනාවකට නාළිකාව මා ඇතුළු මගේ සගයින්ට වැටුප් ගෙවා නැහැ” තත්පර කිහිපයක් තුළ කළ මෙම ප්‍රකාශය තවත් මොහොතක් තුළ විදෙස් මාධ්‍යවල ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත් වුණේ ආයතනයම ජාත්‍යන්තරව අපකීර්තියට ලක් කරමින්.

මෙම නිර්භීත මාධ්‍යවේදියා කලිමිනා කබින්ඩා (Kalimina Kabinda) ය. ප්‍රවෘත්ති විකාශයක් අතරතුර ගුවන් කාලය යනු අනවශ්‍ය ලෙස සුසුමක් පිටකිරීමට හෝ නිවේදකයකුට අවස්ථාවක් නොලැබෙන කාල සීමාවකි.

එය අතිශයින්ම තීරණාත්මක කාල අවකාශයක්.මේ වෙලාවට ඇතිවන කැස්සක් කිඹුහුමකින් වුණත් වෘත්තීය ජීවිතය අවදානමට ලක් වෙන්න පුළුවන්.කලිමිනා සජීවි ගුවන් කාලය පැහැරගත්තේ මේ සියලු දේ හොඳින්ම දැනගෙන.

ඔහුට තව දුරටත් මාධ්‍ය හිමිකාරිත්වය ඉදිරියේ කරබාගෙන සිටීමට අවශ්‍ය වුණේ නැහැ. තමන් සහ තමන්ගේ සගයින් වෙනුවෙන් ඔහු මේ අවදානම භාරගෙන තිබුණේ හිතාමතාමයි.

ඔව් මම එය සජීවීව සිදු කළා.බොහෝ මාධ්‍යවේදින් සිටින්නේ බියෙන්.සියලු මාධ්‍යවේදීන් කතා නොකළ යුතුයි කියා එයින් අදහස් වන්නේ නෑ” පසුව සමාජ මාධ්‍ය ඔස්සේ අදාළ විකාශන කාල සීමාවේ වීඩියෝවක් පළ කරමින් කමිලිනා පවසා තිබුණා.

KBN නාළිකාවේ ප්‍රධාන විධායක නිලධාරියා වන කෙනඩි මාම්බේ,කමිලිනා ගේ ප්‍රකාශය දැඩි ලෙස විවේචනයට ලක් කළේ ඔහු ප්‍රවෘත්ති විකාශය අතරතුර බීමතින් සිටි බවටද චෝදනා කරමිනි.

ෆේස්බුක් ඔස්සේ කමිලිනාගේ සිදුවීමට ප්‍රතිචාර දැක්වු කෙනඩි “KBN TV ලෙස ඊයේ රාත්‍රියේ අපගේ ප්‍රවෘත්ති විකාශය අතරතුර ප්‍රදර්ශනය කරන ලද බේබදු හැසිරීම පිළිබඳ අප පුදුමයට පත් වන්නෙමු”යැයි පවසා සිටියා.

“සියලුම කාර්ය මණ්ඩලයට ඔවුන්ගේ පැමිණිලි විධිමත්ව ඉදිරිපත් කළ හැකි කාර්ය පටිපාටියක් අප සකස් කර තිබෙනවා.තමාගේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට විකාශ කාල සීමාව යොදා ගැනීම පිළිබඳ අප ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වනවා”ප්‍රධාන විධායක නිලධාරියා සිදුවීම පිළිබඳ නාලිකාවේ ස්ථාවරය ප්‍රකාශ කරමින් වැඩිදුරත් පවසා තිබෙනවා.

කොහොම වුණත් අදාළ විකාශයෙන් පසු එරට සමාජ මාධ්‍ය තුළ KBN නාළිකාව, මාධ්‍යවේදීන්ගේ වැටුප් ද නොගෙවමින් සිදු කරන අත්තනෝමතික පාලනයට එරෙහිව බොහෝ දෙනෙක් විරෝධය පළ කළා.

ඒ වගේම ඊට විරුද්ධව තනිවම හඬ නැගූ කමිලිනා මේ වන විට වීරයෙක් බවට පත්ව සිටිනවා.

කෙසේ වෙතත් එම අවස්ථාවේ මත් පැන් පානය කර සිටි බවට ආයතනය නඟන චෝදනාවලට කලිමිනා තවමත් සෘජු ප්‍රතිචාරයක් නම් දක්වා නැහැ.

RECENT ARTICLES - SINHALA

E-Visa ක්‍රමවේදය ගැන VFS Global සමාගමෙන් නිවේදනයක්

බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ E-Visa ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමත් සමග ඇතිවී තිබෙන කතාබහ සම්බන්ධයෙන් ඊට අදාළ බව සඳහන් කෙරුණු VFS Global සමාගම විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 2004...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වන දිනය ගැන දැනුම්දීමක්

අද ඇරඹුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසය වනවිට ලබාදීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. විභාග...

හෙට උණුසුම ගැන නිවේදනයක්

හෙට (06) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (05) කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළා. එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...